IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බහාලුම් එක්දහස් දෙසීයක් වරායේ හිරවෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විවිධ බහලුම් 1200ක් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පර්යන්තයේ  වසර කිහිපයක සිට රඳවාගෙන සිටින බව ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු  කාරක සභාවේදී  තොරතුරු අනාවරණයවිය.

මෙම බහලූම් බොහොමයක ඇත්තේ ආහාර ද්‍රව්‍ය බව දැනගන්නට ඇත.

රේගුව පවරන නඩුවක් අවසන් කිරීමට නිශ්චිත කාලසීමාවක් නොමැතිවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී විශේෂ  අවධානය යොමුවිය.

මේ ප්‍රමාදය වැළක්වීමට  හැකි ඉක්මනින් සාකච්ඡා කර ක්‍රමවේදයක් සකස් කරන ලෙස කමිටුවේ සභාපති මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිලධාරීන්ට නියෝග කළේය.

මේ අතර ආනයන භාණ්ඩවලින් සියයට  60ක් ග්‍රීන් ඒරියා ප්‍රදේශයෙන් ගෙන ඒමේදී පරීක්ෂා නොවන හෙයින් මෙම ආහාර ද්‍රව්‍ය අතර අතර සඟවා නීති විරෝධී සිගරට් මත්පැන් වැනි දේ ගෙන ඒම  දිගින් දිගටම සිදුවන බව  නිලධාරීහු මෙහි දී පෙන්වා දුන්හ.

ගුවන්තොටුපොළ  රේගු නිලධාරීන් පරීක්ෂාවන්ට යටත් නොකිරීම නිසා විශාල වංචා සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව රේගු නිලධාරීන් පරීක්ෂාකිරීමට අවසර ලබාදෙමින් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කරන බවරේගු   නිලධාරීහු  පැවසීය.

මේ අතර වාහන ආනයනය නැවතීම සහ  භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් අයවැයෙන් අපේක්ෂාකරන ආදායමට ළඟාවීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී නැතැයි එහි ප්‍රධානීහු පෙන්වා දුන්හ.

රාජ්‍ය ආදායම වැඩිකරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබාදියහැකි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (08) වැනිදා  පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්විය. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මේ වසරේ අයවැයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ලෙස රුපියල්කෝටි 122600 ක් බලාපොරොත්තු වූ නමුත් පසුගිය මාස පහේදී ලබාගෙන ඇත්තේ රුපියල් කෝටි 33000 ක් පමණක් බවද  මෙහිදී තොරතුරු අනාවරණයවිය.

වාහන ආනයනය ඇතුළු ආනයන සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ළඟා විය නොහැකි බව රේගු  නිලධාරීහු පෙන්වා දුන්හ.මේ තත්ත්වය යටතේ මෙම වසරේදී  ලබාගතහැකි ආදායම ලෙස ඔවුන් පුරෝකථනය කරන්නේ රුපියල් කෝටි 78300 ක් පමණි. මේ පිළිබඳව  මුදල් අමාත්‍යාංශයද දැනුවත් කර ඇතැයි  නිලධාරීහු සඳහන් කළහ.

මෙහිදී කාරක සභා සභාපතිවරයා පැවසුවේ මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇතිහෙයින්  වාහන ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි.

එසේම මැණික් සහ රත්රන් ආනයනයේදී සහ අපනයනයේදී ගන්නා බදු මුදල් පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය.  2012 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව කොපමණ මැණික් ප්‍රමාණයක් වුවද රේගුවෙන් නිදහස් කර ගැනීමට අයකළ හැක්කේ ඩොලර් 200 ක් පමණක් බව රේගු නිලධාරීහු මෙහිදී සඳහන් කළහ  මේ නිසා 2012 වර්ෂයට පෙර පැවති තක්සේරු මුදල මත බදු අයකරගැනීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙස ඔවුහු  ඉල්ලා සිටියහ.

ගුවන්තොටුපොළ  රේගු නිලධාරීන් පරීක්ෂාවන්ට යටත් නොකිරීම නිසා විශාල වංචා සිදු වන බවට තොරතුරු ලැබී ඇති බව මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව මේ පිළිබඳ පරීක්ෂාකර බලා රේගු නිලධාරීන් පරීක්ෂාකිරීමට අවසර ලබාදෙමින් නියෝගයක් නිකුත් කිරීමට  කටයුතු කරන බව රේගු ප්‍රධානීහු  දැනුම් දුන්හ.

තවද රේගුවේ ආදායම වැඩිකරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධතා  වැඩි කිරීමට තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී රේගු නිලධාරීහු  පෙන්වා දුන්හ.

මෙම ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන විමලවීර දිසානායක,  අශෝක් අබේසිංහ, ගුණතිලක රාජපක්ෂ, නිපුණ  රණවක, සුදත් මංජුල  යන මහත්වරුද  සහභාගි වූහ.



අදහස් (1)

බහාලුම් එක්දහස් දෙසීයක් වරායේ හිරවෙලා

fairoos Tuesday, 13 June 2023 03:28 PM

මහිද සභාපතිලු..කවදද පත්කරෙ මෙයාව?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 546 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site