(සුජිත් හේවාජුලිගේ)
සීමාසහිත ලංකා පොස්පේට් සමාගම අලුත් යන්ත්‍රයක් වෙනුවට පාවිච්චි කළ ක්‍රෂර් (crusher) යන්ත්‍රයක් මිලදී ගෙන පාවිච්චි නොකර අතහැර දැමීම නිසා එම ආයතනයට තුන්කෝටි හතළිස් හය ලක්ෂයක පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම යන්ත්‍රය ස්ථාපනය කර දින සිට මේ දක්වාම කිසිදු ප්‍රයෝජනයකට ගෙන නැතැයි පවසන එම වාර්තාව යන්ත්‍රය අනාරක්ෂිතව තැබීම නිසා (2014 වර්ෂයේ සිට) විනාශ වෙමින් පවතින බවද සඳහන් කළේය.
මෙම පාඩුව යන්ත්‍රය මිලදී ගැනීමට සම්බන්ධවූ නිලධාරීන්ගෙන් අයකර ගත යුතු වුවත් සමාගමේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
යන්ත්‍රයේ කිසිම කොටසක වර්ගය,මාදිලිය, නිෂ්පාදන සමාගම හෝ නිෂ්පාදන රට පිළිබඳ කිසිදු තොරතුරක් අඩංගු නොවන බව එවකට නිෂ්පාදන කළමනාකරු විසින් ලිඛිත ඡායාරූපමය සාක්ෂි සහිතව සාමාන්‍යාධිකාරීවරයාට දැනුම් දෙනු ලැබ තිබූ බවද වාර්තාවේ සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා පොස්පේට් සමාගමේ 2021/22 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රෂර් යන්ත්‍රයක් කෝටි තුනක් වතුරේ යවයි
පැරකුම් Tuesday, 13 June 2023 05:09 PM
කවුරුත් කලබල වෙන්න එපා. අපේ රටේ වරද කරුවන්ට දඩුවම් දෙන බවක් අපි නම් අසා නැත. ඉස්මුදුනේ සිට දෙපතුල දක්වා හැමෝම බය නැතුව දූෂණ වංචා කරන්නෙ ඒ නිසයි.