(ෂේන් සෙනෙවිරත්න)
දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර 275 ක් එකතුකොට සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහනුවර ගැටඹේ දංගොල්ල පාරේ පවත්වාගෙන ගිය විදේශ රැකියා ආයතනයක් වටලා එම විදේශ ගමන් බලපත්‍ර තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගැනීම සිදු කළ විමර්ශන නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ එම විදේශ රැකියා ආයතනයට වෙනත් රටවලට රැකියා සඳහා ශ්‍රමිකයන් යැවීමට බලපත්‍ර තිබුණත් දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අවසර නොතිබූ බවයි .
මෙම මෙහෙයුම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් වන සරත් විමලවීර, වසන්ත ඒකනායක, මධුෂාන් විජේවර්ධන, සහ විමර්ශන නිලධාරිනියන් වන නදිකා චන්දිමාලි සහ ගයේෂා සුභාෂිනි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ .
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරියා සිහිනය බොඳ කළ අයෙක් මාට්ටු