(ෂේන් සෙනෙවිරත්න)
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව අධික බීමතින්, වේග සීමා ඉක්මවමින්, මගීන් 82කක් පටවාගෙන බසයක් ධාවනය කළ පුද්ගලයෙක් කෑගල්ල කොට්ඨාස රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගම්පහ කිරිදිවැල්ල ඩිපෝවට අයත් එම බස් රථය කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටියදී කෑගල්ල පොලිස් වසමේ ගලිගමුව යට්ටෝගම ප්‍රදේශයෙදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ .
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම මාර්ගයේ ගමන් කළ හැකි උපරිම වේග සීමාව වූ පැයට කිලෝමීටර් 60 සීමාව ඉක්මවා පැයට කිලෝමීටර් 77 ක වේගයකින් බසය ධාවනය කර ඇති අතර ඔහුගේ රියදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමේදී එය කල් ඉකුත් වී නැවත යාවත්කාලීන නොකල රියදුරු බලපත්‍රයක් බවටද පොලිස් නිලධාරීන්ට අනාවරණය වී ඇත. අධික බීමතින් සිටින බවටද අනාවරණය වී තිබේ .
බස් රථය තුළ මගීන් ගණන් කිරීමේ දී එම අවස්ථාවේදී මගීන් 82 දෙනකු සිටිය බවද පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරා රැකියාවෙන් පන්නා දමා මොහු සේවයේ යෙදවූ අයටත් දඬුවම් නියම කරන්න. සේවයේ යෙදෙවූවේ වාහන පැදවීමේ බලපත්‍රය පරික්ෂා නොකරද...?
මෙවැනි වරදට දැඩි දඬුවම් දියයුතුයි. ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවේ. වහාම නීති සංශෝධනය කරන්න...!
රියදුරු බලපත්‍රය අහෝසි කොට, රියදුරාට මෙන්ම වාහනයේ අයිතිකාරයාටද දැඩි දඬුවමකට ලක් කළ යුතුයි. පාලකයින්ට කොන්ද පණතිබේ නම් එසේ කරාවි.
දැන් ලංගම රියදුරන්ගෙත් කිසිම විනයක් නැහැ...
අතීතයේ දී ලංගම රියදුරු සහ සමූපකාර කළමනාකාර යන තනතුරු ඉතා වැදගත් මට්ටමේ තනතුරුය. මෙවන් සිදුවීම් නිසා කියන්නේ අද කීමට සිදුව ඇත්තේ කුමක්ද ? මගීන් 82 ක් රැගෙන බීමතින් බසය ධාවනය කළ මේ රියදුරාට දිය යුතු වන්නේ අරාබියේ දඩුවම් නොවේද?
අපි පරිස්සම් වෙලා යන එක හොඳයි .මොකද හැප්පුනොත් අපිට මයි පාඩු වෙන්නේ
මේ ලියන එවුන්ට චන්දෙ දෙන්න .කියවන අඬන එක තේරුම් ගන්න දාට මේ රට හරි යාවි
රිඉයඳුරු බලපත්‍රය සදහටම අවලංගු කල යුතුය. මොනතරම් අවදානම් ගමනක්ඩ? මිනිස්සු කීදෙනෙක්ගෙ ජීවිතද?