IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පියවි සිහියත්,බලපත්‍රත් නැතිව හැටට හැටේ ගිය බසය අල්ලයි

(ෂේන් සෙනෙවිරත්න)

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව අධික බීමතින්, වේග සීමා ඉක්මවමින්, මගීන් 82කක් පටවාගෙන බසයක් ධාවනය කළ පුද්ගලයෙක්  කෑගල්ල කොට්ඨාස රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගම්පහ කිරිදිවැල්ල ඩිපෝවට අයත් එම බස් රථය කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරමින් සිටියදී කෑගල්ල පොලිස් වසමේ ගලිගමුව යට්ටෝගම ප්‍රදේශයෙදී පොලිස් අත්අඩංගුවට පත්ව  තිබේ .

ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම මාර්ගයේ ගමන් කළ හැකි උපරිම වේග සීමාව වූ පැයට කිලෝමීටර් 60 සීමාව ඉක්මවා පැයට කිලෝමීටර් 77 ක වේගයකින් බසය ධාවනය කර ඇති අතර ඔහුගේ රියදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමේදී එය කල් ඉකුත් වී නැවත යාවත්කාලීන නොකල රියදුරු බලපත්‍රයක් බවටද පොලිස් නිලධාරීන්ට අනාවරණය වී ඇත.  අධික බීමතින් සිටින බවටද අනාවරණය වී තිබේ .

බස් රථය තුළ මගීන් ගණන් කිරීමේ දී එම අවස්ථාවේදී මගීන් 82 දෙනකු සිටිය බවද පොලිසිය කියයි .

 



අදහස් (9)

පියවි සිහියත්,බලපත්‍රත් නැතිව හැටට හැටේ ගිය බසය අල්ලයි

Bamunuarachchi Sunday, 11 June 2023 04:38 PM

රියදුරා රැකියාවෙන් පන්නා දමා මොහු සේවයේ යෙදවූ අයටත් දඬුවම් නියම කරන්න. සේවයේ යෙදෙවූවේ වාහන පැදවීමේ බලපත්‍රය පරික්ෂා නොකරද...?

:       1       50

පැරකුම් Sunday, 11 June 2023 04:57 PM

මෙවැනි වරදට දැඩි දඬුවම් දියයුතුයි. ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවේ. වහාම නීති සංශෝධනය කරන්න...!

:       0       42

Chin Sunday, 11 June 2023 05:08 PM

රියදුරු බලපත්‍රය අහෝසි කොට, රියදුරාට මෙන්ම වාහනයේ අයිතිකාරයාටද දැඩි දඬුවමකට ලක් කළ යුතුයි. පාලකයින්ට කොන්ද පණතිබේ නම් එසේ කරාවි.

:       0       36

KuleSunday, 11 June 2023 07:37 PM

කොන්දක් තිබුණා නම් රටට මෙහෙම වේවිද?

:       2       17

prasanna Sunday, 11 June 2023 07:22 PM

දැන් ලංගම රියදුරන්ගෙත් කිසිම විනයක් නැහැ...

:       2       29

දිසා... Sunday, 11 June 2023 08:39 PM

අතීතයේ දී ලංගම රියදුරු සහ සමූපකාර කළමනාකාර යන තනතුරු ඉතා වැදගත් මට්ටමේ තනතුරුය. මෙවන් සිදුවීම් නිසා කියන්නේ අද කීමට සිදුව ඇත්තේ කුමක්ද ? මගීන් 82 ක් රැගෙන බීමතින් බසය ධාවනය කළ මේ රියදුරාට දිය යුතු වන්නේ අරාබියේ දඩුවම් නොවේද?

:       0       9

Nimal Sunday, 11 June 2023 08:54 PM

අපි පරිස්සම් වෙලා යන එක හොඳයි .මොකද හැප්පුනොත් අපිට මයි පාඩු වෙන්නේ

:       1       3

Roshan Sunday, 11 June 2023 10:48 PM

මේ ලියන එවුන්ට චන්දෙ දෙන්න .කියවන අඬන එක තේරුම් ගන්න දාට මේ රට හරි යාවි

:       1       1

Latha Monday, 12 June 2023 12:12 PM

රිඉයඳුරු බලපත්‍රය සදහටම අවලංගු කල යුතුය. මොනතරම් අවදානම් ගමනක්ඩ? මිනිස්සු කීදෙනෙක්ගෙ ජීවිතද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site