සමෘද්ධියේ - පොලිසියේ ලොක්කෝ කෝපා ඉදිරියට විවිධ අක්‍රමිකතා සහ කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානීන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇත. 18 April 2023
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කෙරේ විදුලි බලය, ඛණිජ තෙල්, තැපැල් සහ සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. 18 April 2023
63නේ මවගේ ගෙල කපලා මිහින්තලේ කල්ලංචිය පොලිස් බල ප්‍රදේශයේ නිවසක හැට තුන් හැවිරිදි කාන්තාවකගේ ගෙල කපා මරණයට පත් කර ඇතැයි කල්ලංචිය පොලිසිය කියයි. 18 April 2023
වලිකාමම් හිටපු උප සභාපති නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන යාපනය වලිකාමම් උතුරු ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ නිවස ඉදිරි පිටට පැමිණි අදාල ප්‍රාදේශිය සභාවේ සේවයේ නියුතු කාන්තාවක සිරුරට ගිණි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. 18 April 2023
යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයාගෙන ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ. 18 April 2023
රතිඤ්ඤා කරල අතේ පුපුරා අටේ දරුවා රෝහලේ රතිඤ්ඤා කරලක් දැල්වීමට යෑමේ දී එය අතේ පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලැබූ අට හැවිරිදි දරුවෙකු අද (18) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත. 18 April 2023
තල්දෙනින් පැන්න නවයම අල්ලයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගියරැදවියන් නව දෙනාම මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි තල්දෙන වරද කරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය . 18 April 2023
හෙරොයින් සමඟ එස්.ටී.එෆ්.පීසී අත්අඩංගුව හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 April 2023
තැනින් තැනට චුට්ට චුට්ට වැස්ස සබරගමුව,බස්නාහිර,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 18 April 2023
ත්‍රිරෝද තුනක් ගැටී තුනේ දරුවා මරුට ගොඩගම හංදියේදී අද අළුයම 1.30 ට පමන තීරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු තුනහමාරක දරුවකු මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය කියයි. 18 April 2023
අගහිග කම් අහස උසට පවුල් ආර්ථික අපහසුකම් නිසා බව කියමින් බාල වයස්කාර සිසුන් තිදෙනකු රැකියා සොයා නිවෙස්වලින් පලාගොස් ඇතැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි. 18 April 2023
මහ බැංකුවේ හොරු අල්ලනු මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අඩුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කොටුව පොලීසියට අද නියෝග කළේය. 17 April 2023
මුහුණු පොතින් යාළු වී 15 දැරිය පන්නලා දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක මුහුණු පොත මගින් හඳුනාගත් තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පසුව කතරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ සිටියදී අතිශය අමානුෂික ලිංගික හිරිහැරවලට ලක් වූ බව කියමින් කතරගම පොලිසිය විසින් ඇය පොලිස් භාරයට ගනු ලැබුවාය. 17 April 2023
තල්දෙණින් පැන්න තව හතරක් මාට්ටු බදුල්ල තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේන් පලාගිය රැදවියන් තවත් සිව්දෙනකු අද 17 රාත්‍රි කන්දකැටිය වැල්ලවලතැන්න පාර 10 කොටස බදුලුඔය රක්ෂිතයේ කුඹුරු යායකදි අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 17 April 2023
පරිගණක පද්දතිය හදන්න දුන් සල්ලි කෝ පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතියක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විසිඑක් වසරකට පෙර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එල්.ආර්.සී. විසින් පෞද්ගලික සමාගමකට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ගෙවනු ලැබ ඇතත්, එම පරිගණක පද්ධතිය මේ දක්වා ස්ථාපිත කර නැතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 17 April 2023
සංචාරයට හොඳම රටවල් අතරට ලංකාව යළි යයි ෆෝබ්ස් සඟරාව විසින්, මේ වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවද එක් කරනු ලැබ ඇත. 17 April 2023
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා 21 ජනපවුරක් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට නීතිය හා යුක්තිය පසිඳලන ලෙස ඉල්ලමින් එම ප්‍රහාරයට වසර 4 ක් සපිරෙන අප්‍රේල් 21 වැනිදා කොළඹ මීගමු මාර්ගයේ ශක්තිමත් ජන පවුරක් ගොඩනගන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 17 April 2023
මුද්දරයට කතෘවරු නෑ ‘‘postage stamps of sri lanka volume 1‘‘ (ශ්‍රී ලංකාවේ තැපැල් මුද්දර පළමු වෙළුම) ග්‍රන්ථයේ අඩංගු මුද්දරවල ඡායාරූප‘‘Ellawela’s Ceylon$sri lanka stamp catalogue‘‘(එල්ලාවලගේ නිදහසට පෙර මුද්දර නාමාවලිය) ග්රන්ථයට ඇතුලත් කිරීම වලකාලමින් බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරිය දුන් නියෝගය වැරදි බවට තීන්දු කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා බුද්ධිමය දේපල කාර්යාංශයේ අධ්‍යක්ෂක ජනරාල්වරියගේ තීන්දුව ඉවත දැමීමට නියම කළේය. 17 April 2023
60 විදුහල්පති 23 ටීචට හාදුවක් දීලා අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 17 April 2023
පොහොට්ටුවට මහින්ද හැර විකල්ප නැත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස වර්තමාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බවත් මහින්ද රාජපක්‍ක්‍ෂට විකල්ප නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (17) පැවසීය. 17 April 2023
ගම්මන්පිලගෙන් කතානායකට ලිපියක් පාර්ලිමේන්තු කටයුත්තක් පිළිබඳව තමා කළ ප්‍රකාශය ගැන වැරැදි මතයක් අධිකරණය තුළත් සමස්ත සමාජය තුළත් ඇති කිරීමට උත්සාහ දරමින් සහ පහත් ලෙස අපහාස කරමින් තමාගේ පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් අද (17) ඉල්ලීමක් කළේය. 17 April 2023
මුහුදෙන් ඇල්ලූ කුඩු ගාල්ලට රුපියල් කෝටි 350කට අධික වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 175ක් සමග දකුණු මුහුදු සිමාවේ සිට මුහුදු සැතපුම් 235ක් දුර ජාත්‍යන්තර මුහුදේදි අත් අඩංගුවට ගනු ලැබු බහුදින යාත්‍රාව සහ සැකකාර ධිවරයන් හය දෙනා අද ගාල්ල වරායට ගෙන එනු ලැබිය. 17 April 2023
කුරුණෑගල මවකට අවුරුද්දේ ලොකු තෑග්ගක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී කුරුණෑගල මවක් දරුවන් සිව් දෙනකු බිහි කළාය. කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි 30 මවක් එසේ සිව් නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනකු සහ ගැහැණු දරුවකු ඇය බිහි කළාය. 17 April 2023
ඖෂධ සංස්ථාව නීතියට පිටින් කෝටි 15ක දීමනා ගෙවලා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2021 වර්ෂයේදී එහි සේවකයන් සඳහා නීතියට පිටින් රුපියල් කෝටි 15 කට වැඩි වටිනා ප්‍රසාද දීමනා( බෝනස් ) සහ කාර්ය සාධන දිරි දීමනා ඇතුළු විවිධ දීමනා ගෙවා ඇතැයි නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 17 April 2023
චීනයේ සහය ශ්‍රී ලංකාවට තව දුරටත් චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් මෙරට චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි. 17 April 2023
ගම්පහ පාලමක් අසල ජීව අත් බෝම්බයක් ගම්පහ නගරයේ විජයාරාම පාර, කුණ්ඩිවිල ඇල මාර්ගය අද්දර කසළ ගොඩක තිබී අත් බෝම්බයක් හමුවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 17 April 2023
ලොරි - ත්‍රිරෝද රථ ගැටී දැරියක් මරුට මැදිරිගිරිය බිසෝපුර ප්‍රධාන මාර්ගයේ වටදාගෙය හතර මංසන්ධිය ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් ඒකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පාසල් දියණියක් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 17 April 2023
අයි.එම්.එෆ් යෝජනා විනිවිද නෑ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට වසර හතරකින් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි අතර එසේ කිරීමට නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුණෙන් දෙකක ඡන්දයකින් සම්මත විය යුතු බවත් වර්තමාන නීති යටතේ 2024 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 18 යන කාල පරාසය තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (17) පැවසීය. 17 April 2023
අද දුම්රිය රැසක් අවලංගු කරයි දුම්රිය ධාවන වාර රැසක් අද (17) පෙරවරුවේ ද අවලංගු කළ බව දුම්රිය මෙහෙයුම් මැදිරිය පැවසීය. 17 April 2023
ගත්ත ණය ගෙවන්න බංග්ලාදේශය කල් දෙයි ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස හයක කාලයක් ලබා දීමට බංග්ලාදේශ රජය තීරණය කර ඇත. 17 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026