IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ටොනාඩෝවකින් බෝට්ටු කර්මාන්ත ශාලාවට හානි

(බුලත්සිංහල ලක්මි කුඩලිගම)

හදිසියේ පැමිණි තද සුලං සහිත ටොනේඩෝවකට අසුව  කළුතර නාගොඩ  නාගොඩ කර්මාන්ත පුරයේ පිහිටි බෝට්ටු කර්මාන්ත ශාලාවකට දැඩි හානි සිදුව අවට නිවාස හතරකටත් සුළු හානි සිදුව ඇතැයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියයි,

කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් සහ අවට නිවැසියන් අදාල ග්‍රාම නිලධාරිවරයා සහ ආපදා කලමනාකරණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මෙම කුණාටුව සුළු පරිමාන ටොනේඩෝ වර්ගයට අයත් එකක් බව ඔවුන් විසින් ප්‍රකාශ කර ඇතැයි කර්මාන්ත ශාලා ප්‍රකාශකයෙක් පැවැසීය.

කළුතර ප්‍රාදේශීය ලේකම් එස් ත්‍රිමාන්න මහතාගෙන් අප කළ විමසීමේ දී පවසා සිටියේ ස්ථාන පරීක්ෂණයක් සිදු කළ බවත් බෝට්ටු නිෂ්පාදන ආයතනයට පමණක් දැඩි හානි සිදුව ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය ආයතන දැනුවත් කර ඇති බවත් සිදු වූ හානිය වෙනුවෙන් සහ කර්මාන්ත ශාලාවේ අංගනයේ හානිය ට තක්සේරු කොට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

 



අදහස් (0)

ටොනාඩෝවකින් බෝට්ටු කර්මාන්ත ශාලාවට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site