IMG-LOGO

රිය අනතුරින් එකම පවුලේ 3ක් මරුට

(රුවන් පතිරණ )

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී අද (12) ටිපර් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ තිදෙනකු මිය ගොස් ඇති බව වරකාපොල පොලිසිය පවසයි .

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොටවැල්ල ,රඹුක්කන ලිපිනයේ පදිංචි එකම පවුලේ පියා ,මව සහ පුතා බව පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ ධනුෂ්ක ගයාන් පින්නවල  , සිංහාසන වඩු ගම්ලත්ගේ දිනේෂා ශ්‍රීනානී ගම්ලත්ගේ ,පින්නවල හේවයලෑ ගීත්ම තත්සර පින්නවල යන තිදෙනා බව පොලීසිය සඳහන කරයි .

මෙම තිදෙනා ත්‍රීරෝද රථයෙන් ගාල්ල ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථය එක්වරම මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ මංතීරුව දෙසට ගමන් කර  කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ වැලි පැටවූ ටිපර් රථයේ  ගැටෙන ආකාරය ඒ අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය පවසයි.

අනතුර සිදුවූ  ටිපර් රථයේ රියදුරු මේ වනවනවිට වරකාපොල පොලීසිය  අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (6)

රිය අනතුරින් එකම පවුලේ 3ක් මරුට

Samuel Monday, 12 June 2023 10:57 AM

ලංකාවේ ත්‍රී වීල් , සෑහෙන ජනගහනයක් අඩු කරනවා, මේ මිනිස්සුන්ගේ නොසැලකිල්ල

:       1       32

සෙනෙවිරත්න Monday, 12 June 2023 01:47 PM

ත්‍රීවීලර් තියෙන්නෙ ට්‍රිප් යන්න නෙවෙයි කෙටිදුරක් ඉක්මනින් යන්න.ඒක දැනගත්ත දවසට මෙහෙම අනතුරු වෙන එකක් නැහැ.

:       2       18

Mahi Monday, 12 June 2023 04:49 PM

මේ ත්‍රිරෝද වසංගතය ඉක්මනින් ඉවත් කරන්න ඕනෑ, මොනතරම් අනතුරු දවසකට සිද්ද වෙනවාද? කිසිම ආරක්ෂාවක් නැති වාහනයක්, ඔවුන් යන්නෙත් BMW, පදිනවා වගේ....

:       0       13

බණ්ඩාරනායක Monday, 12 June 2023 09:21 PM

වර්තමාන මාර්ග ප්‍රවාහන අංශයේ දියුණුව සලකනවිට ත්‍රි වීල් තවදුරටත් භාවිතයට සුදුසු නොවේ.

:       0       1

Rohana Tuesday, 13 June 2023 06:54 AM

ත්‍රී වීල් එලවන අය හිතාගෙන ඉන්නේ මුළු පාරම එයාලගේ වගෙයි.පාර මැද ගාටනවා .හිටපු ගමන් එකවරම පාරට දානවා .හරවනවා

:       0       3

Gandhi Gandhi Tuesday, 13 June 2023 07:44 PM

කරුමෙ තමයි සේරටම ගෙවෙන්නෙ සියලුම දේට වැඩිය හොදයි හිමින් ගමන්බිමන් යන්න. කල්පනාකාරී වෙන්න. මහ ඌරට කියලා පොක්සගන් කාර් ගෙනහල්ලා දෙන්න කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site