
(එම්.සුසිල් පියන්ත, ඩී.ජී.සුගතපාල සහ දීපාල් සිල්වා)
ඌරගස්මංහන්දිය ඇල්කාක දියකඩිත්ත ප්‍රදේශයේදී අද(12) දහවල් පොලීසිය හා වරෙන්තුකරුවකු අතර ඇතිවූ ගැටුමකදී පොලිස් වෙඩි පහරකාගෙනම වරෙන්තුකරු පළා ගොස් ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මෙසේ වෙඩි වැදී පලා ගොස් ඇත්තේ හඹුරුගල තුඩුවෙ පදිංචි මත් කුඩු චෝදනා සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි අයෙක් බව ද පොලීසිය කියයි.
ඌරගස්මංහන්දිය පොලීසියේ නිලධාරීන් දෙදෙනකු යතුරු පැදියකින් ජංගම මුර සචාරයේයෙදී සිටියදී හඹුරුගල ඇලකාක දියකඩිත්ත ප්‍රදේශයේදී පොලීසියට අවශයව සිටි වරෙන්තුකරුවකු දැක ඔහු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට සැරසුණු අවස්ථාවේදී සැකකරු එක් නිලධාරියකු සමග පොර බදා ඔහු සතු ගිනි අවිය උදුරා ගැනීමට උත්සහා දැරූ අවස්ථාවේදී අනෙක් නිලධාරියා ඔහුට දනෙන් පහලට වෙඩි තබා මෙල්ල කර ගැනීමට උත්සහා දරා ඇති බව ද පොලීසිය කියයි.
පොලිස් නිලධාරියා තැබූ වෙඩි පහර වරෙන්තුකරුගේ එක් පාදයකට වැදී ඇති බවත් වෙඩි කාගෙනම ඔහු පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
531
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසිය වරෙන්තුකරුට වෙඩි තබා අල්ලයි
gamage Monday, 12 June 2023 04:57 PM
පාදයකට වෙඩි වැදුණු වරෙන්තුකරු එම ස්ථානයෙන් පලාගොස් ප්‍රතිකාර සඳහා බද්දේගම රෝහලට ඇතුලත් විමට ගිය අවස්ථාවේ බද්දේගම පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන රෝහලට ඇතුළත් කර ඇත. මේ තුවාල කාරයා පස්සෙන් දුවලා මෙයාව අල්ලාගන්න තරම් හයියක් පොලිසියට තිබුණේ නැද්ද? මාර වැඩක්නේ...