
(ඉන්දිකා රාමනායක)
මඩකලපුවල චිට්ටන්ඩි ප්‍රදේශයේ යුද හමුදා භට පිරිස් මෙහෙයුම් අවශ්‍යතා සඳහා මෙතෙක් භාවිතා කළ අක්කර 8.6 ක ඉඩම නිදහස් කර නැවත රජයට බාර දුන් බව යුද හමුදාව පවසයි.
රජයේ නියෝගයන්ට අනුකූලව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් මත, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස්.කේ. ආර්.කේ.හෙට්ටිආරච්චි මහතා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කලපති පද්මරාජා මහත්මියට එම ඉඩම්වල නිත්‍යානුකූල ලිපි ලේඛණ බාර දුන් බව යුද හමුදාව පවසයි.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 231 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආරක්ෂක කටයුතු සදහා මෙම ඉඩම භාවිතා කරනු ලැබීය.
අවට ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයන් 56 දෙනකුට පමණ අයිති මෙම ඉඩම මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් නිත්‍යානුකූල අයිතිය තහවුරු කරගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත පැවරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
530
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදාවේ මඩකලපුවේ තිබූ ඉඩම් බාරදෙයි
Bamunuarachchi Monday, 12 June 2023 09:50 PM
ඒක ප්‍රශ්නයක් නොවෙයි නැවත අවශ්‍ය උනොත් නැවත පවරා ගන්නවා. රටේ ආරක්ෂාවට කාගේ ඉඩම්ද කියන එක අදාළ නැහැ.