(එම්.කේ.නන්දසේන)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කොට ඇතැයි තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පැවසීය.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇත.
මෙම පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ.
මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල, හා දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිතය.
මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කතරගම සියලු පාසල් 19 වැනිදා සිට වහයි
සුපුන් Monday, 12 June 2023 12:08 PM
නොපෙනෙන දෙවියෙක්ගෙ වැඩකට ලමයින්ගෙ අධ්‍යාපනය බිලි දුන්නම වෙන්නෙ මොකක්ද. එක්කො එම ලමයි අනාගතයේ දේශපාලනය කරයි. නැත්නම් පාතාලේ.
ලුම්බිණි Monday, 12 June 2023 12:46 PM
කවදාවත් නොකරපු වැඩ. මෙහෙමත් මිනිසුන් අතරේ රටක් හැදෙයිද?
Jayakodi Monday, 12 June 2023 01:32 PM
ඹය නිළධාරීන්ට නවතින්නට වෙනත් තැන් ඇත්තේම නැද්ද?
සත්‍ය Monday, 12 June 2023 04:46 PM
මේකේ ඉන්න බූරුවන් හිතන් ඉන්නේ මේ දේවල් මේ අවුරුද්දේ විතරක් වෙනවා කියලා. කතරගම කලාපේ පාසල්වල අගෝස්තු නිවාඩුව අවලංගු වෙනවා කියලා නොදැන කමෙන්ට් දානවා.
අසත්‍යTuesday, 13 June 2023 06:36 AM
හැමදාම උනත්, මේ අවුරුද්දේ විතරක් උනත් වැඩේ වැරදියි කියල පේන්නේ නැද්ද?
Hela Monday, 12 June 2023 05:43 PM
අධ්‍යාපනයට වඩා දෙයියෝ ලොකු වුණාම. මේ රටවල් මෙහෙම වෙන එක අහන්න දෙයක්ද? කෝටි ගණන් තියෙන දේවාලයෙන් සල්ලි අරන් තැනක් හැදුවා නම් මොකද? ළමයින්ගේ අනාගතේ විනාශ නොකර... හැදේයි ඉතින් මේ රට..