
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, එස් හේරත් සහ කාංචන කුමාර ආරියදාස)
පෞද්ගලික උපකාරක පන්ති සිසු සිසුවියන් පිරිසක් සමඟ විනෝද චාරිකාවකට ගොස් සිටි මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක් වයසැති සිසුවකු ලග්ගල තෝරපිටිය වැවේ නෑමට ගොස් දියේ ගිලී මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ආර්. පී ගයාන් මදුෂාන් නැමැති සිසුවෙකි.
මෙම විනෝද චාරිකාවට සිසු සිසුවියන් සමඟ උපකාර පන්ති පවත්වන ගුරුවරුන් කිහිප දෙනකු සහ සිසු සිසුවියන්ගේ මවුපියන් කිහිප දෙනකු ද ගොස් ඇති බව ලග්ගල පොලිසිය පවසයි.
දියේ ගිලී මිය ගිය මෙම සිසුවා මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙකි.
(ඡායාරූප කාංචන කුමාර ආරියදාස)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනෝද චාරිකා ගොස් ගංගා, වැව් වල නාන්න ගොස් සිදුවූ පළවෙනි විපත මේක නොවෙයි. මේ ළමයින්ට නාන්න ඉඩ දීපු ගුරාලාට ගහන්න ඕනේ වේලපු මඩු වලිග වලින්...!
දරුවන් රැගෙන යනවා නම් ඒ අය ගැන වගකීම ගුරුවරුන් සතුයි. එහෙම ඒ අයගේ ආරක්ෂාව ගැන වගකීමක් ගන්න බැරි නම් ඒ වගේ ගමන් නොයා ඉන්න ඕනේ. ගමනට පෙර පුර්ව අවවාද කරන්න තරම් මේ ගුරුවරු දක්ෂ නැතිව ඇති. ටියුෂන් ගුරුවරුනේ...
මේ වගේම දෙයක් දකුණෙ තල්පෙදි වෙලා ටික දවසයි. සංවිධායක අත්අඩංගුවට අරගෙන මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරන්න.
දැන් උපකාරක පන්තිවලට ඉන්නේ ගුරුවරු නෙවෙයි. මනමාලයෝ...