IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සාපෙළ සිසුන්ගේ විනෝද චාරිකාව මළගමක් වේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, එස් හේරත් සහ කාංචන කුමාර ආරියදාස)

පෞද්ගලික උපකාරක පන්ති සිසු සිසුවියන් පිරිසක්  සමඟ විනෝද චාරිකාවකට ගොස් සිටි මාදම්පේ පනිරෙන්ඩාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 17 ක් වයසැති සිසුවකු ලග්ගල තෝරපිටිය වැවේ නෑමට ගොස්  දියේ ගිලී මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ආර්. පී ගයාන් මදුෂාන් නැමැති සිසුවෙකි.

මෙම විනෝද චාරිකාවට සිසු සිසුවියන් සමඟ උපකාර පන්ති පවත්වන ගුරුවරුන් කිහිප දෙනකු සහ සිසු සිසුවියන්ගේ මවුපියන් කිහිප දෙනකු ද ගොස් ඇති බව ලග්ගල පොලිසිය පවසයි.

දියේ ගිලී මිය ගිය මෙම සිසුවා මෙවර පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙකි.

(ඡායාරූප කාංචන කුමාර ආරියදාස)



අදහස් (4)

සාපෙළ සිසුන්ගේ විනෝද චාරිකාව මළගමක් වේ

Bamunuarachchi Monday, 12 June 2023 08:21 AM

විනෝද චාරිකා ගොස් ගංගා, වැව් වල නාන්න ගොස් සිදුවූ පළවෙනි විපත මේක නොවෙයි. මේ ළමයින්ට නාන්න ඉඩ දීපු ගුරාලාට ගහන්න ඕනේ වේලපු මඩු වලිග වලින්...!

:       0       33

මාර්ටින් කළුතර Monday, 12 June 2023 08:22 AM

දරුවන් රැගෙන යනවා නම් ඒ අය ගැන වගකීම ගුරුවරුන් සතුයි. එහෙම ඒ අයගේ ආරක්ෂාව ගැන වගකීමක් ගන්න බැරි නම් ඒ වගේ ගමන් නොයා ඉන්න ඕනේ. ගමනට පෙර පුර්ව අවවාද කරන්න තරම් මේ ගුරුවරු දක්ෂ නැතිව ඇති. ටියුෂන් ගුරුවරුනේ...

:       0       30

සෙනෙවිරත්න Monday, 12 June 2023 02:02 PM

මේ වගේම දෙයක් දකුණෙ තල්පෙදි වෙලා ටික දවසයි. සංවිධායක අත්අඩංගුවට අරගෙන මිනීමැරුම් චෝදනා යටතේ නඩු පවරන්න.

:       0       11

Ruhunu Monday, 12 June 2023 02:44 PM

දැන් උපකාරක පන්තිවලට ඉන්නේ ගුරුවරු නෙවෙයි. මනමාලයෝ...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site