IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සදාචාරයක් නැති මාධ්‍ය විකාශන පනතට බිය විය යුතුයි

(අංජුල මහික වීරරත්න)

විකාශන අධිකාරි පනතට සදාචාරාත්මක නොවන අයුරින් මාධ්‍ය හසුරුවන ආයතන බිය විය යුතු බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

සදාචාරාත්මකව මාධ්‍ය හසුරුවන ආයතනය එම පනතට බියවිය යුතු නැතැයි ද මාරසිංහ මහතා කීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට විෂය භාර අමාත්‍යවරයාට දැනටමත් පුළුවන්කම තිබෙන බව කී ආශු මාරසිංහ මහතා නමුත් එවැනි දෙයක් සිදු නොවන බව සඳහන් කළේය.

සමාජ මාධ්‍යවලට තද නීති අවශ්‍ය බවත් ව්‍යාජ සමාජ මාධ්‍ය  ගිණුමක් ආරම්භ කර ගැනීමෙන්  පසු තමන්ට ඕනෑම දෙයක් ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙන බව කී මාරසිංහ මහතා ඒ සම්බන්ධයෙන් තිබෙන නීතිරීති  පනත් ලෙස සම්මත කර ගත යුතු යැයි ප්‍රකාශ කළේය.



අදහස් (14)

සදාචාරයක් නැති මාධ්‍ය විකාශන පනතට බිය විය යුතුයි

Hafeel Monday, 12 June 2023 04:24 PM

ඔයා කරපු වැඩවලට ඔයාට සදාචාරයක් තියනවා නම්, මෙහෙම ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡා තියන්න පුළුවන්ද?

:       3       39

විජේ Monday, 12 June 2023 04:26 PM

තාම වඳුරන්ගෙන් බණ අහනවනේ අපි...

:       3       35

Rata Perata Monday, 12 June 2023 05:03 PM

නියම සදාචාරයක් තියෙන කෙනෙක් කතා කරන්නේ. බල්ලොත් එක්ක ඉන්න ඒවා හොඳයි... මාධ්‍ය සදාචාරය ගැන කතා කරනවා.

:       0       27

චන්දිම ෆොන්සේකා Monday, 12 June 2023 05:07 PM

ඔහේ හිතන්නේ අපිව ගොනාට අන්දන්න පුළුවන් කියලද? ඉංග්‍රීසි දන්නවානේ. බූත කියවන්න කලින් ඔය කෙටුම්පතේ වගන්ති එකින් එක කියවලා ඉන්නවා. එතකොට තේරේවි සදාචාරේ තියෙන්නේ කා ගාවද නැත්තේ කා ගාවද කියලා...

:       0       24

swene Monday, 12 June 2023 05:29 PM

මාධ්‍ය පාවිච්චි කරන්නේ මහජනතාවට අයිති ගුවන් විදුලි සංඛ්‍යාතයි. ඒ අනුව මාධ්‍ය විසුරුවා හැරිය යුත්තේ තමන්ට හෝ තම දේශපාලන සහ ආර්ථික අවශ්‍යතාවයට හරියන නිවුස් නොවේ. රටේ සහ මහජන අවශ්‍යතාවයට ගැලපෙන ප්‍රවෘත්තියි. ඉතින් මාධ්‍ය විකාශන පනතින් ඕවා නියම අයුරින් පාලනය වේද යන්නයි ප්‍රශ්නය. අනිවාර්යයෙන්ම පාලකයින්ගේ අවශ්‍යතාවයට ගැලපෙන විධියට ක්‍රියාත්මක වේවි. ස්වාධීන කියා සිටින ඡන්ද කොමිසම වැඩ කරපු හැටි මතකයිනේ...

:       0       18

Pankumburage Monday, 12 June 2023 05:48 PM

බල්ලට කතා කරන්න පුළුවන් නම් කියයි කාටද සදාචාරයක් තියෙන්නේ කියලා...?

:       0       20

නිහාල් Monday, 12 June 2023 06:48 PM

නාග ලෝකෙන් කරඬු වඩම්මපු නාලිකා ගොඩක් බයවෙයි.

:       0       15

sunil Tuesday, 13 June 2023 06:48 AM

ඒ ගොල්ලෝ බය වන්නේ ඒගොල්ලන්ට විරුද්ධ රජයක් ආවොත් පමණයි . අනික් වෙලාවට ඒ ගොල්ලොන්ට ජොලි

:       0       0

Bamunuarachchi Monday, 12 June 2023 10:01 PM

ඒවගේම මාධ්‍යත් සදාචාරාත්මක ලෙස හැසිරෙන්න ඕනේ. මාධ්‍යයට සදාචාරාත්මක ලෙස හැසිරෙන්න බැරි උන නිසයි මේ අලුත් පනත් මගින් පාලනය කරන්න හදන්නේ. අලුත් සමාජ මාධ්‍ය, ෆේස්බුක් සමාජට කරන damage එක බොහොම බරපතලයි.

:       0       1

විපරමා Tuesday, 13 June 2023 02:35 AM

දේසපාලුවන්ට කඩේ යන ජඩ මාද්‍ය ගැන වගේ වගක් නැහැ.

:       0       0

Rohana Tuesday, 13 June 2023 06:47 AM

මේවට කියන්නේ වැදි බන කියලයි .නියම සදාචාරය අනුගමනය කරන කෙනෙක් ?

:       0       0

සල්ලි Tuesday, 13 June 2023 06:54 AM

තුට්ටු දෙකේ දේශපාලන අදහස් නිසා තරුණ ළමා සිත් දූෂණය වේ.

:       0       0

රිෆාන් Tuesday, 13 June 2023 09:12 AM

සදාචාර සම්පන්න ම මිනිසා කථා කරයි

:       0       0

[email protected] Tuesday, 13 June 2023 11:02 AM

ඉජු ඉජු... ඉජු ඉජු....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 531 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site