
(සුමිත් පොතුපිටිය)
කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මත්කරල් 1010 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.
එම මත්කරලක් රුපියල් 150 කට අලෙවි කර ඇති බවත් , එම කරල් රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සදහන් කර ඇති බව පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ වරදී? ලබන සතියේ නිදහස් වෙලා ඇවිල්ලා ඔය ව්‍යාපාරයම කරගෙන යාවි.. අපි නොදන්න ශ්‍රී ලංකාව...
වැඩ වරදිනවා කියන්නේ වැඩිම වුණොත් දවසක් පොලිස් කූඩුවේ තැබීමද, එයාට ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ... වැඩ වරදින්නේ එම දරුවන්ට සහ ලංකාවට මිස කුඩ්ඩන්ට නොවෙයි...
ඔය පොඩි කුඩ්ඩෙක් අල්ලා ගත්තා කියලා වැඩක්ද? අර කිලෝ සිය ගාණක් සමඟ අල්ලගත්තු එකා නිකන්ම නිදහස් වුණේ පොලිසියේ නොසැලකිල්ල නිසා. තෝරු, මෝරු එළියේ බිස්නස් හොඳින් කරගෙන යනවා... දරුවන්ට ආදරේ ඇති දෙමව්පියන් සැලකිලිමත් වෙනවා නම්, පාසල් අවට අවධානයෙන් ඉන්නවා නම් මේ වගේ අය අල්ලගන්න එක එච්චර අමාරු නෑ... අල්ලලා දුන්නාට පස්සේ පහුවෙනිදා ආපහු ගෙදර ඇවිත් ඒකම කරනවනේ... ඒකනේ ඇත්ත...!