IMG-LOGO

පොළොන්නරුවේ ගොවීන්ට පොහොර ගැන සුබ ආරංචියක්

(අංජුල මහික වීරරත්න)

පොලොන්නරුවේ ගොවීන්ට යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ලබා දී ඇති වවුචර්පත් වලට හෙට (13) සිට එම පොහොර මිල දී ගතහැකි බව රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා  පවසයි.

පොලොන්නරුවේ ගොවීන්ට වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට නිකුත් කරන ලද වවුචර්පත් වලට මෙතෙක් යුරියා පොහොර මිල දී ගැනීමට නොහැකි වු බව ගොවි සංවිධාන නියෝජිතයන්   මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.

එම වවුචර්පත් වලට යුරියා පොහොර හෙට දින (13) සිට මිල දී ගත හැකි වන පරිදි පොලොන්නරුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පොහොර ලබා දීමට කටයුතු යොදා ඇතැයි ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ වනවිට කොළඹ වරායට පැමිණ තිබු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් සහිත නැවේ පොහොර ගොඩ බෑම අද  (12) පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බවත් ඊයේ (11) පැවැති අධික වැස්ස හේතුවෙන් පොහොර ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබූ බවත් පොහොර සමාගම් සභාපතිවරයා පවසයි. 

වර්ෂාව නිසා පොහොර බහාලුම් (Hatcheries) විවෘත කිරීමට හැකියාවක් නොවු බව ද සභාපතිවරයා අවධාරණය කළේය.



අදහස් (0)

පොළොන්නරුවේ ගොවීන්ට පොහොර ගැන සුබ ආරංචියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site