රංජන් කටුගම්පොළ
රෝයල් පාර්ක් හි තරුණියක මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී, මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශ්‍රාමන්ත නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස අතුරලියේ රතන හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බද්දේගගම සමිත හිමි සහ සරත් කොස්ගහගේ මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී අයැද සිටි බව ජනාධිපති සහකාර ලේකම්වරයකු ඉදිරිපත් කළ ලිපියක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය විය.
මෙම කරුණු අනාවරණය වූයේ, ජූඩ් ශ්‍රාමන්තට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.
මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ, ජූඩ් ශ්‍රාමන්තට සමාව දීම සඳහා දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයාගේ සහ අභියාචනාධිකරණ විනිසුරුවරයාගේ වාර්තා කැඳවිය යුතු වුවත්, එසේ කර නොමැති බවත්ය.
මෙම පෙත්සම එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ සහ ජගත් ද සිල්වා මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.
ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව කාන්තා එකමුතුව සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
කාන්තා එකමුතුව සංවිධානය විසින් ගොනු කරන ලද මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මෙම පෙත්සම ඊයේ අධිකරණයට හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සමකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කියා සිටියේ, මේ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහකාර ලේකම් පාර්තිකන් මහතා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් අධිකරණයට යොමු කරන බවත්, එම ලිපියේ සඳහන් කරුණු අනුව ජූඩ් ශ්‍රාමන්ත ජයමහට සමාව දෙන ලෙස ඉල්ලා වාචිකව ඉල්ලීම් කළ පිරිසගේ නම් සඳහන් කර ඇති බවත්ය.
ඔවුන් ජූඩ් ශ්‍රාමන්ත ජයමහගේ මව වන එස්.එම්. ජයමහ මහත්මිය අතුරලියේ රතන හිමි, බලංගොඩ බුද්ධඝෝස හිමි, කතෝලික රදගුරු බවන් වික්‍රමසිංහ, බද්දේගම සමිත හිමි, මහේෂ් මඩවල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කෝන්ගහගේ සහ නාලනී මහතුංග නමැත්තන් බවත්ය.
තව ද, ජූඩ් ශ්‍රාමන්ත ජයමහගේ මරණ දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා පත් කිරීමට නියෝග කළ කමිටු වාර්තාවේ වෙනත් කිසිදු සටහනක් කර නොමැති බවත්, ජූඩ් ශ්‍රාමන්ත ජයමහට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම පිළිබඳ නීතිපති උපදෙස් ජනාධිපති කාර්යාලයට ලැබී නොමැති බවත්, ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා :- මෙම ක්‍රියාදාමය අනුව පෙනී යන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමග හැර ඇති බව ද?
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා :- යම් පමණකට නොමග යවා ඇති බවයි. කෙසේ නමුත් මෙම ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුගමනය කර නැහැ.
විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා :- මෙහිදී දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයාගේ මෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරයාගේ වාර්තාව කැඳවිය යුතුයි. එසේ කර නැහැ.
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා :- ඒ කිසිදු පටිපාටියක් අනුගමනය කර නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතන මෙතන ඔතන ඉඳලා හොඳ ගානක් කපා ගත්තා කියන්නේ නිවන් යනකොට ගෙනියන්න
රතන ,සමිතයා නෙමෙයි මොකා කිවුවත් රටේ නීතියට ගරු කරන ජනපති දැනගන්න ඕන පාස්කු කැළල දැන් එක එකාට ඇඟිල්ල දික් කලාට වැඩක් නැහැ
ඔන්න සිරෝ දෙකෙන් එකක්
ආදරය මුල් කරගෙන මිනී මරපු පලවෙනි අවස්ථාව මේක නොවෙයි. ආදරෙයනිසා රජකම අත්හරින්න ලෝකේ ආදරය වෛරයකට පෙරලීමත් සිද්වෙනවා. ඒ නිසා මේ මිනී මරුම ගැන කොහොම වෙතත් සමාව දීම ගැන මගේ විරුද්දතත්වයක් නැත.
මෙහෙම හිතවතුන් කියන කියන ආකාරයට අධිකරණය ලබාදුන් තීන්දු අහෝසි කරන්න පුළුවන් නම් රටේ සාමය රකින්නෙ කොහොමද
මන් ඒක දැනගත්තෙත් පත්තරෙන්.නොමග ගිහිල්ලා නොවේ හිටන් ගේ උද්දච්චකම
කතෝලික රදගුරු බවන් වික්‍රමසිංහ කියන්නේ කවුද....??? එහෙම කෙනෙක් නෑ දන්න විදිහට... අනික නීතියෙන් වරදකරැවන්ට දඩුවම් අනිවාර්යයෙන්ම හිමිවිය යුතුවන අතර පුවත් පලකිරීමේදි නූගත් විදිහට පුවත් පලකරන්නත් එපා... කතෝලික සභාවට එහෙම රදගුරුතුමෙක් නැති අතර...මේ සම්පුර්ණ නොමග යැවීමක්...
කෝ මේ තට්ට ගේදියගෙන් බුද්ධාගමට වෙන හානිය ගැන කතා කරන්න ඒක බයියෙක් නෑනේ? තොපිට $$ ඒවන ඒවුන් ඔලුව අත ගාලා බලන්න ඕන.
මේ සියල්ල සිදු වූවේ මුදලට බව ප්‍රසිද්ධ රහසකි. ජූඩ් සමන්ත දැන් රටින් පැනල ඇති.
මයිත්‍රීපාල සිරිසේන මහතාගේ කාලයේත් නීතිය වල් වැදී තිබුනේ
ඊළඟ චන්දෙදිවත් මෙන්න මේ රතන උන්නාන්සේ වත් පන්සලේ නතර කරන්න හැකිවේවා !
රදගුරු කෙනෙක් නම් ඒක වැරද්දක් නොවෙයි. හාමුදුරු කෙනෙක් නම් වැරදියි.
එතකොට ගෝට දුමින්දව නිදහස් කරනකොට හරියට කලාද කියලත් බලන්න.
අතන මෙතන කොතන මාතර මොටාගෙදර පැත්තේ පංසලක සිටියා කියා ආරංචි තියෙනවා.බුද්ධාගමෙන් ගොඩ යන්න බැරි නිසා දේශපාලනයට කරණම් ගැසූ බව තමයි කියැවෙන්නේ.අනිත් කෙනා දැන් අවීචි මහා නරකයෙහි ඇති කියලා හිතෙනවා.ගාල්ල මාගෙදර පැත්තේ දාන ගෙදරක ආ වෙලේ කිට්ටුව ගෙදරක රෝස් කුකුළෙකු සහ අරක්කු බෝතලයක් සමගින් දාන මේසය තිබුණාලු.ග්‍රාම සේවක ජනාධිපති උපදෙස් ගත්තේ මේ වගේ අයගෙන්.සල්ලි හම්බ කළේ නැතිලූ.ඒ උනාට මල්ලිගෙ අතේ තිබිලා නැතිවුණ මුද්ද විතරක් කෝටියක් වෙනවා.කුඹුරු කොටාගෙන ජීවත් වූ මේ සාමාන්‍ය මිනිසුන් මේ තරම් ධනවතුන් වුණේ කොහොමද ?
රටේ ආරතිකය, නීතිය ආරක්ශාව මෙ සියල්ලම වලපල්ලට ඇරියෙ යහපාලන කාලෙ.
ආප්ප කාලා පක්ෂෙ අත ඇරලා ගිහින් පොදු අපේක්ෂකයා වෙලා කරගත්ත දෙයක්, දැන් කෝටි ගානක් ගෙවපන්කො.
රටේ යුක්තිය නීතිය සාදරනය විනාශ කෙරුවේ දූෂිත පවුල් පාලනේ කාලේ..සුදු වෑන්` ගාතන අතුරුදහන් කරවපු උන් පවා නිදහසේ සුවසේ ඉන්නවා .අදිකරණය පවා දේසපාලණීකරණය වෙලා තිබුනු කාලේ කරපුවා අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.
සෙරා මුකුත් දන්නේ නෑ .ඌ තොත්ත බබා
මරණ දඬුවම දුන්න එකෙකුටවත් ආපහු මොනම සමාවක්වත් දෙන්න හොඳ නෑ