
අධිකාරි මුදියන්සේ
කොළඹ - කුරුණෑගල මාර්ගයේ අලව්ව යාංගල් මෝදර දුම්රිය මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ඊයේ (13) පෙරවරු 7.00ට පමණ බසයක් ධාවනය කරද්දී දුම්රිය නොගැටී අනුනවයෙන් බේරී ඇතැයි පොල්ගහවෙල රථවාහන පොලිසිය කියයි.
එම බස් රථ රියැදුරා සහ බසය පොලිස් බාරයට ගෙන ඇත.
දුම්රිය හරස් මාර්ගය හරහා නොසැලකිලිමත් ලෙස බස් රිය ධාවනය කර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනා මත බස්රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම බස් රථය ගල්නැව සිට කොළඹ බලා මගින් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර ඒ වන විට බසයේ 40කට ආසන්න පිරිසක් ගමන් කර ඇත.
එම ස්ථානයේ සවි කර ඇති අනතුරු හැඟවීමේ සංඥා පහන් දල්වා තිබී ඇති අතර සීනුව ද නාද වෙමින් ආරක්ෂක ගේට්ටු ද වැසෙමින් තිබී එකවර බස්රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කරවීමට උත්සහ කර ඇතැත් දුම්රිය එනු දැකීමෙන් බසය නතර කරගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රථයේ රියදුරුට උපරිම දඩුවම් දී ජීවිත කාලයටම රියදුරු බලපත්‍රය අහෝසි කළ යුතුයි.
මතක හිටින දඬුවමක් දුන්නොත් නම් හොඳයි. ඒත් අපිට විශ්වාස නැහැ එහෙම කළාවිද කියලා... දැනටම බස්මුදලාලි පොලිසියේ ලොක්කන්ව අල්ලලා ඇති...
රියදුරු බලපත්‍රය වසර 5 කට පමණ තහනම් කර වසරක් පමණ සිර දඬුවමක් දුන්නා නම් අනිත් රියදුරන්ද පාඩමක් ඉගෙන ගනීවි
වාහනයක රියදුරු අසුන පාලනය කිරීම බොහොම වගකීම් සහිතව කටයුතු කල යුතු භාරදූර කාර්යක් .නමුත් සමහර අයට එය නොතේරෙන එකනේ පුදුමේ