
(කේ. බුද්ධික කුමාරසිරි සහ උපාලි රණවීර)
මුහුණ බලන කණ්නාඩිය ඉදිරිපිටට ගියවිට රටට නායකත්වය දිය හැකි නායකයකු තමන්ට පෙනෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ දී අද (13) දින පැවසීය.
පූගොඩ මණ්ඩාවල රණවිරු ගම්මානයේ පැවැති රණවිරු සැමරුමකට එක් වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා එලෙස පැවසූවේය.
ෆොන්සේකා මහතා එහිදී මෙසේද කීය.
අද වන විට රටේ පාලකයන්ට මෙන්ම බොහෝ ජනතාවටත් රණවිරුවන් අමතක වෙමින් පවතිනවා. යුද්ධයක් තිබුණද කියලත් දැන් සමහරු දන්නේ නෑ . සමස්තයක් ලෙස වර්තමාන රජය ඇතුළු කිසිදු රජයක් රණවිරුවන් පිළිබදව බැලුවේ නෑ.
උතුරු නැගෙනහිර සමහර ඉඩම් තියෙනවා යුද හමුදා අවශ්‍යතාවය මත කදවුරු ස්ථාන ගත කරන ලද. ලබා ගත් සමහර ඉඩම් නැවත ලබා දීමටත් හැකියාව තිබෙනවා. නමුත් දේශපාලන උවමනාවන් මත එම ඉඩම් නැවත ලබා දීම පිලි ගන්න බෑ. උතුරු නැගෙනහිර ඡන්දවලට කෑදර කමේ හමුදාවන් අඩපණ කිරීමේ සහ අස්ථාන ගත කිරීමේ ප්‍රවණතාවයක් දැන් පෙනෙනවා. එවා නිවට බියගුලු වැඩ. ඒවාට අපි විරුද්ධයි.
වර්තමාන පාලන තන්ත්‍රයම නිවටයි. පිළිකුල් සහගතයි. දුර්වලයි. මේ රටට අවශ්‍ය කැපවීමෙන් වැඩකළ හැකි බුද්ධිමත් නායකයකු අවශ්‍යයි. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි බොහෝ දෙනා අසන මුත් එය අහන්න පහසු උවත් පිළිතුරු දීම අපහසු කාරණයක්.
රටේ ජනතාව නිවරැදි නායකත්වයක් තෝරා ගැනීම සදහා කැපකිරීම් කළහොත් ඒ වෙනුවෙන් යෝජනා ආවොත් සලකා බැලීමට හැකියාව තිබෙනවා. කොහොම වුණත් මගේ නිවසේ මුහුණ බලන කණ්නාඩිය ඉදිරිපිට ට ගියාම අනාගතයේදී රටට නායකත්වය දෙන්න පුළුවන් නායකයෙක්ම මට පෙනෙනවා.
වර්තමාන ජනාධිපතිවරයා රාජපක්ෂලා තරම් දූෂිත නොමැති නිසා මට රනිල් වික්‍රමසිංහ මහතා ට ආචාර කළහැකි වුවත් ඉදිරි ජනාධිපතිවරණයකදී කිසිදු ලෙසකින් ඔහුට සහය පළ කිරීමක් සිදු වන්නේ නෑ ඔහු දක්ෂයෙක් නෙමේ දුර්වලයෙක් යැයිද පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර කන්නාඩිය ඉරිතලල ඇති. ඒකයි එහෙම පෙනෙන්නේ. ප්‍රභාකරන් කෙනෙක් හිටියේ නැත්නම් මෙහෙම කෙනෙක් රටට අවශ්‍යම නැහැ. එකයි ඇත්ත.
බයවෙන්න එපා ඔය කියන නායකයට අයෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී කමකින් එහා දෙයක් ලබාගන්න බැහැ . එයා දේශපාලනයේදී නොදරුවෙක්. කිසිම ඉවසීමක් නැහැ . තමන්ගේ තැන තියාගන්න දන්නේ නැහැ . ඕන එකයි එපා එකයි දන්නා එකයි නොදන්නා එකයි හැම මගුලකටම කතාකරන්න ගිහින් කිච වෙලයි ඉන්නේ . කිසිම කෙනෙක් එක්ක හොඳින් ඉන්න බැරි බව ක්‍රියාවෙන්ම ඔප්පු කරලයි ඉන්නේ. එනිසා මේ කියන නායකයා කවදාවත්ම රටේ නායකයා තිය කැබිනට් ඇමති කෙනෙක් වත් වෙන්නේ නැහැ .
නිකන්ම පැන්සොන් යන්න ගිය ඔබට හමුදාපති තනතුර දීල රටේ උසස් ස්ථානයකට ලංවෙන්න ඉඩ සලසපු අය ඔය කණ්ණාඩියට පෙනෙන්නේ නැතිනම් ඔය කන්නාඩිය පොලවේ ගහන්න හිතෙන්නේ නැද්ද?
චන්දේ ගත්තු අයට තියෙන්නේ ජනාධිපති හීන. චන්දේ දුන්නු අයට තියෙන්නේ එදා වේල හීන, අලුතින් ඇස් කණ්ණාඩි ගන්න නම් රුපියල් 50000ක් විතර ඕන. කරාපිටිය ඉස්පිරිතාලෙ ඇස් දොස්තර රට ගිහින් මිනිස්සුන්ට ඇස් ලෙඩකට බේත් හීනයක් උනු එහෙව් රටේ මේකා කණ්ණාඩියෙන් ජනාධිපති හීන දකිනවා. සැපේ හිටපන් අපේ සල්ලි වලින් ගෙදර උනුන් එක්ක.
ආරම්භයේ අවසානය හෝ අවසානයෙහි ආරම්භය.?
පක්ෂ බදාගෙන ඕනම කුණු ගොඩක් හොඳයි කියන , රටක් ජාතියක් ආගමක් නැති පක්ෂයක් පමණක් ඇති ඡනයාට නම් නායකයෙක් ඇති. එසේ නොබලන කල මේවන විට රටට කිසිදු නායකයෙක් නොමැති වග ඉතා කණගාටුවෙන් සටහන් කර තබමි
අපි කොහෙන්ද හිනාවෙන්න ඕන දැන්
මෙයත් යහපලනෙ ඉන්න කලෙ තමයි මහ බැංකු හොරකම උනෙ. මටනම් සැකයි මෙයත් එකට සම්බන්දද කියල. මහ බැංකු හොරකම තමයි ආසියාවෙ ලොකුම හොරකම.
හීන මානය,උඩගු බව,මමත්වය, සමග මං පොර කතාවට ශූර වීර කම නම් ඉහටත් උඩින් මොනවා නැතත්.ඔව් ඔයා තමා ඊලග ජනාධිපති .හී හී
එහෙම බැලුවොත් ලංකාවෙ ඉන්නව ඔනෙ තරම් නායකයො වෙන්න හිතගෙන. සමහරු අලුතෙන් ඇඳම් මහගෙනත් ලෙස්ති උනානෙ. සමහරු නායකය වෙන්න කියල කසාදත් බැන්දනෙ. කොටින්ම ඔය 225 ම හිතාගෙන ඉන්නෙ කවඩ හරි රටෙ නයකය වෙන්න නෙ. නායකය වෙන්නම ඔනෙ තුන්ඩෙනෙක් හිටිය දෙන්නෙක්ම වෙඩිකාල මැරුන රටෙ අවාසනවට. ලලිත් ඇතුලත් මුදලි , උපාලි විජෙවර්ධධන සහ LTTE එකෙන් මරපු හිටපු විදේශ ඇමති . එතුමා ඩ්‍රවිඩ ජතිකයෙක්. හැබෑම දක්ශයෙක් සහ රටට ආදරය කරපු කෙනෙක්.
කණ්ණාඩියේ මොන පැත්තෙන්ද බැලුවේ...? මොකද සමහර කණ්ණාඩිවල පිටුපස විවිධ පින්තූර අලවලා තියෙනවා. බැරි වෙලාවත් රනිල්ගේ පින්තූරෙවත් තිබ්බද දන්නෑ.
ෆීල්ඩ් මාෂල්ගේ ගෙදර තියෙන්නේ මායා කැඩපතද දන්නේ නැහැ, මේවගේ විකාර පෙනෙන්නේ.
රිලවෙකුට කන්නාඩියක් ලැබුනම විරිත්තනවා ,ගොරවනවා ,කෑ ගහනවා ,බල්ටි ගහනවා
හොර තක්කඩි දේශපාලකයින්ගේ කටුකන කුක්කන් ෆොන්සේකා මහත්තයාගේ හෙවනැල්ලටත් බයේ සද්දෙට බුරන බව නම් පේනවා. තව ටික දවසකින් පුජ්‍ය ස්ථාන අසල ලගින පිනටම කා තිරිහන් උන දඩෝරි සුනඛයින්ද උඩු බුරාවී.. මෙතුමා තමයි මේ රටට නායකත්වය දිය හැකි නායකයා. සමාජ විනය හා හොරකම නතර කිරීමට හා හොරුන්ට දඬුවම් කිරීමට මෙවැනි ධර්මිෂ්ඨ, ප්‍රතාපවත් නායකයෙකුගේ අවශ්‍යතාවය තදින් දැනෙන කාලයක් මේක. ජයවේවා!!
විහිළු කතාවලින් ඔබගේ නායකතුමා පරද්දන්න හිතුණා වත්ද?
වර්ණපාල තියරිය
හැමෝම හිතන් ඉන්නේ තමුන් ජනාධිපති වුණොත් හොඳයි කියලා... ජනතා මතය 225 ම එපා කියලා මිසක්, එක්කෙනෙක් හැර අනෙක් අය එපා කියලා නෙවෙයි.
කොහේදෝ යන මෙලෝ රහක් නැති ගෝඨාභය ජනාධිපති කරපු අපිට ඔහෙවත් එතැනට ගේන එක මහ ලොකු වැඩක් නෙවෙයි...
ගොන් කලවැද්ලෙක් වෙන්න බැරිද?
මොලේ උඩ ඉන්න මන්ද බුද්ධිකයෝ, පහත් මානසික තත්වයෙන් පෙළෙන අය කොහොම කිව්වත් එතුමන්ගේ, නායකත්වය, කැපවීම, අවංකවම යුද්ධය දිනාදීමට ගත් උත්සාහය අගය කළ යුතුයි.
රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ නායකත්වයට සිහින දකින්න කිසිම බාධාවක් නෑ. ඒකේ වැරැද්දකුත් නෑ. ඒත් ගෝඨාභය වගේ හිස් පඹයින් ඇනගත්තු හැටි දැකලාවත් හැදුණේ නැති සරත් ෆොන්සේකා දේශපාලනය කියලා හිතාගෙන ඉන්න හමුදා නායකයා ගැන දැන් මට ඇත්තේ බලවත් ශෝකයකි. රනිල්ගේ රාජ්‍ය තාන්ත්‍රික ඥානය සමග හැරෙන්නවත් බැරි හාදයන් අද ඔහු ව්වේචනය කරන්නේ ඇයිද යන්න සිතාගැනීම, කන්න බොන්නවත් නැතුව හිටි රටේ ඔබට බාරයි. නොමග නොයන් පුතේ...!
සරත් ෆොන්සේකා කිව්වේ එතුමාගේ අදහස.. ඒකේ ඇති වැරැද්දක් පේන්න නැහැ. කිසිම වැඩකට නැති මෛත්‍රී ජනපති වුණා. යහපාලන ආණ්ඩුව කාලේ අඩුම තරමින් එතුමාට හරිහමන් ඇමැතිකමක්වත් දුන්නේ නැහැ. කිව්වේ නම් හොරු අල්ලනවා, දූෂිතයින්ට දඬුවම් දෙනවා, හිරේ දානවා කියලා. කාටකාටත් ඕන ඕනෑදේවල් කියන්න බැරියෑ. ආසියාවේ ආශ්චර්යය, තාරුණ්‍යයට හෙටක්.., සෞභාග්‍යයේ දැක්ම, අන්තිමට රටම හිඟාකන තත්වයකට පත්වෙච්චි එකයි වුණේ...
ඔබට තිබෙන හීනමානය කන්නාඩියෙන් වත් ඔබ නොදැක්කාට කාන්නාඩි නැති ජනතාව දකිනවා.