(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සියඹලාපේ ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි හතළිස් දෙහැවිරිදි කාන්තාවක් දූෂණය කළේ යෑයි කියන වෛද්‍යවරයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම කාන්තාව කළ පැමිණිල්ලක් අනුවඇය දූෂණය කළේ යෑයි කියන වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

දූෂණයකට ලක් වූයේ යැයි කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවද පොලිසිය කියයි.