(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
මවගේ වත්මන් සැමියාට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකපිට පුතා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , තන්තිරිමුල්ල ප්‍රෙද්ශයේදී පදිංචි 30 හැව්රිදි මවගේ පෙර විවාහයක පුතකු බව පොලිසිය කීය.
එකම නිවසේ කොටස් දෙකක පදිංචිව සිටින සැකකරු සහ මියගොස් ඇති තැනැත්තා අතර ඉකුත් (9) දා පස්වරුවේ ආරවුලක් පැවත ඇති බවත්, මියගොස් ඇති තැනැත්තා පළමුව සැකකරුට, ඔහුගේ බිරියට සහ දරුවාට ඇසිඩ් ප්රඇහාරයක් එල්ලකර ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පසුව සැකකරු යකඩ පොල්ලකින් කළ පහරදීමෙන් බරපතළ තත්වෙයෙන් කොළඹ ජාතික රෝහලේ ප්ර තිකාර ලබමින් සිටියදී ඊයේ (12) මියගොස් ඇති බවත් පොලිසිය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (12) පස්වරුවේ සැකකරුගේ සොහොයුරියක විසින් කල පැමිණිල්ලක් අනුව, වාද්දුව, මාවල ප්ර දේශයේ සැගව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් යකඩ පොල්ලද සොයාගත් බව වැටලීමට එක්වූ නිලධාරීයෙක් කීය.
මහේස්ත්රාොත් පරීක්ෂණය සහ පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරී පරීක්ෂණ අද පස්වරුවේ කෙරිණි.
සැකකරු පානදුර මහේස්ත්රාිත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්රිරයංකර නාවුල්ල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්ර්ධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.විජේතුංග මහතාගේ ප්ර ධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක මධුසංක ඇතුළු අපරාධ අංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මරාගන්න එක ජාතික අනන්‍යතාවයක් වෙලා වගෙයි .මෙහෙම යනකොට ඇමරිකාවත් පරදලා අපි ඉස්සරහට එයි වගේ