(යොහාන් භාසුර)
රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8 ක පමණ ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා එම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බව කී වීරසිංහ මහතා නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20 ක් පමණ වියදම් දැරීමට නොහැකි වීම නිසා මෙම තීරණය ගත් බව ද සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන කාඩ් පතක් සඳහා රුපියල් 150 ක පමණ මුදලක් ගෙවීමේ එකඟතාව මත එම ව්‍යාපෘතිය ක්‍රියාතක්මක වන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඒ තියරිය. මුද්‍රණ යන්ත්‍ර ගන්න යන්නේ කෝටි 20යි. කාඩ් එකක් 150 ගානේ කාඩ් ලක්‍ෂ 8ක් ගහන්න වියදම කෝටි 12යි.බලන්න මේ මොලෙන් කෝටි 8ක් ඉතුරු කරගෙන තියෙන අපූරුව ..කාටහරි කියලා දෙදෙන්න පුළුවන් ද ඉතුරු කෝටි 8 හොයලා දුන්නනම් තව කාලයක් අඩු වියදමින් කාඩ් ප්‍රින්ට් කරන්න පුළුවන් බව..
කෝටි 20 ක් දීලා අත්‍යාවශ්‍ය යන්ත්‍රයක් මිලදී ගන්න ඔය ආයතනයට බැරිද? අපි රියදුරු බලපත්‍රය ගන්නේ නොමිලේ නොවේ...
මුන්නම් මහ කාලකන්නි.. කෝටි 20ක් යනව කියල කෝටි 12ක් දීල ලක්‍ෂ 8ක් කාඩ් ගහගන්නව.. ආයෙත් ප්‍රින්ට් කරන්ඩ ඕනෙ උනහම ආයෙත් කෝටි 12ක් වියදම් කරනව.. තව අපිට බදු ගහපියව්.. ඕවා කවර් කරන්ඩ.. මුද්‍රන යන්ත්‍ර ටික ගත්තනම් එ ටික තියෙනව ආයෙ ආයෙ ප්‍රින්ට් කරන්ඩ.. මොකාද මේ ඇමටිය කියලත් දැම්මනම් වටිනව දැනගන්ඩ