(ඉන්දිකා රාමනායක)
ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැයිස්තුව යටතේ පලාගිය පුද්ගලයන් බවට ලැයිස්තුගත කර ඇති 6,872 අතර  ට ශ්‍රී ලාංකිකයන් හත්  දෙනෙකුගේ ද නම් ද එහි නවතම වාර්තා අතරට  ඇතුළත් කර අැතැයි ඉන්ටර් පෝල් වෙබ් අඩවිය සදහන් කරයි.

මෙම හත් දෙනා අතරින්  සිව්දෙනකු   ශ්‍රී ලංකාවට අවශ්‍ය පුද්ගලයන් වශයෙන් ලෙස ලැයිස්තුගත කර ඇති අතර සෙසු  පලාගිය තිදෙනාට ඔවුන්ගේ ප්‍රෙද්ශය තුළ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් විදේශ රටවල් විසින් කරන ලද ඉල්ලීම් මත රතු නිවේදන නිකුත් කර ඇතග
නම සදහන් පිරිස අතරින්  (38) හැවිරිදි ද සොයිසා ජගමුනි සුජීව නොහොත් කොස්ගොඩ සුජී, නඩරාජා සිවරාජා (49), මුනිසාමි තර්මසීලන් (50) සහ වික්නරාසා සෙල්වන්තන් (35) ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කිරීමට  ශ්‍රි ලංකාවට අවශ්‍ය සිටින පුද්ගලයන් බවට  ඉන්ටර්පෝල් සිය වෙබ් අඩවියේ පළ කර ඇත ඉන්ටර්පෝල් සිය වෙබ් අඩවියේ පළ කර ඇත.

මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජීට සහ දිවංගත අමාත්ය් ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩරාජා සිවරාජාට මෙම රතු නිවේදන නිකුත් කර ඇත.

තර්මසීලන් අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ 200ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය බව සිටින අතර සෙල්වන්තන්ට සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවේ.

සෙසු නම් සදහන්  ශ්‍රි ලාංකිකයන් තිදෙනා  අතර වවුනියාවේ කුමාරසාමි නවනීතා(52) නමැති ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු මිනීමැරුමක් සම්බන්ධයෙන් රුමේනියාවටද,  ,ඇලබොඩගම පදිංචි මොහොමඩ් පව්මි (61) ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ඉන්දියාවට  ද,  යාපනයේ මානික්කවාසගර් විජයරාජා (41) කැනඩාවට ද  අවශ්‍ය කරන පුද්ගලයන් බවට ඉන්ටර්පෝල් වෙඩි අඩෙවිය සඳහන් වේ.