(චන්ද්‍රසිරි ගුණසේකර)
ඌරගස්මංහන්දිය හබුරුගල ඇලකාක දියකඩිත්ත ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකටද ලක්ව පොලිස් ග්‍රහණයෙන් මිදී පලාගිය වරෙන්තුකරුවා තුඩුව ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත් අඩංගුවට ගෙන ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇල්පිටිය මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා නියෝග කළේය.
සැකකරු පොලිසිය සමග පොරබැදීමේදී පොලිස් නිලධාරියකු තැබූ වෙඩි පහරින් සැකකරුගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර සැකකරු මේ වනවිට බන්ධනාගාර නිලධාරියකුගේ රැකවරණ යටතේ ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම සැකකරු පොලිස් වෙඩිපහර කාගෙන පලාගොස් තුඩුව ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ හබුරුගල තුඩුව බාලප්පුවත්ත ලිපිනයේ පදිංචි ජයසිංහලාගේ දුමින්ද සම්පත් නැමැති 36 හැවිරිදි අයෙකි.
මොහු හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මහාධිකරණයේ,වරෙන්තු තුනක් ලබා සිටි අයකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd