IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපති රැස්වීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් නෑ

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම්  පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්  පිරිසක් සහභාගීවී නැතැයි වාර්තා වේ

මේ සාකච්ඡාව කැඳවා තිබුණේ රටේ වත්මන් දේශපාලන වාතාවරණය  සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීම සඳහාය.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ට  මෙම රැස්වීම සඳහා ආරාධනා කර තිබිණ.

මෙම රැස්වීමට සහභාගී නොවූ පිරිසට එස් එම් චන්ද්‍රසේන, විමලවීර දිසානායක, ගාමිණී ලොකුගේ නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන  සහ  ජොන්ස්ටන්  ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වූහ.

කෙසේ වෙතත් එම මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍යධුර දරන  මන්ත්‍රීවරුන් සහභාගීවී ඇතැයි  වාර්තා වේ.

පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා කැඳවීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව පළමුව පක්ෂ නායකයන් දැනුවත් කර ඉන්  අනතුරුව පක්ෂයේ මාර්ගයෙන් මන්ත්‍රීවරුන් කැඳවන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.



අදහස් (2)

ජනපති රැස්වීමට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් නෑ

Bamunuarachchi Tuesday, 13 June 2023 09:42 PM

ඒ අයට කැබිනට් ඇමැතිකම් නැති නිසයි. දෙන්න එපා රනිල් දෙන්න එපා...

:       0       6

සල්ලි Wednesday, 14 June 2023 07:36 AM

වීදුරු ගෙවල්වල ලගින අතිගරුලාගේ දැන ගැනීම පිණිසයි. හාල්මැස්සන් කිලෝව 2,000යි. පොල් ගෙඩිය 120යි. ටිකිරි මාරි 100යි. ඩොක්ටර් චැනලින් 4000යි. හාල් ඇවරේජ් 200යි. මස් කිලෝව 1500යි. නුඹලා සැපේ ඉඳපල්ලා අපේ සල්ලිවලින්...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site