
(සුජිත් හේවාජුලිගේ )
උපකාර පන්ති ඇතැම් ගුරුවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අසාධාරණ මාසික ගාස්තු අය කරන බවට මවුපියෝ මැසිවිලි නගති.
බොහෝ ගුරුවරුන් විශේෂයෙන්ම උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් සඳහා එක් සිසුවකුගෙන් රුපියල් 3500 සහ 4000 වැනි අධික මාසික ගාස්තු අය කරන බව මවුපියෝ පිරිසක් ලංකාදීපයට පැවසූහ.
මේ පන්ති මාසික ගාස්තුවලට අමතරව ඇතුළත්වීමේ ගාස්තුද වෙනම අය කරන බව පවසන එම පිරිස රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන ගුරුවරුන් මේ අවස්ථාවේදී සාධාරණ විය යුතු බව පෙන්වා දෙති.
පෞද්ගලික පන්තිවල අය කෙරෙන ගාස්තු සම්බන්ධයෙන් කිසියම් නියාමනයක් ඇති කරන්නැයි මවුපියෝ රජයෙන් ඉල්ලීමක් කරති.
සමහර ගුරුවරුන්ට මෙලෙස විශාල මුදලක් අය කිරීමට සිදුව ඇත්තේ තමන් යටතේ විශාල කාර්ය මණ්ඩලයක් නඩත්තු කිරීම නිසා බව දැනගන්නට ඇත. සමහර කාර්ය මණ්ඩලවල දහය,දොළහ සිටින බව කියති.
මේ තත්වය හේතුවෙන් දරුවන් පෞද්ගලික උපකාර පන්ති වලට යැවීමට බොහෝ මවුපියන්ට සිය කණකර ආභරණ පවා උකස් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
මේ අතර රජයට බදු ගෙවීම පැහැර හැර සිටින පිරිස අතර රටපුරා ටියුෂන් ගුරුවරුන් විශාල පිරිසක්ද සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත. සමහර ටියුෂන් ගුරුවරු කරන පේපර් එක දකින්නෙ බෙදන කොට. ඒව හදන්නේ එයාල නෙවෙයි. පේපර් හදන්න වෙනම අය ඉන්නව. එයාල උත්තර එක්ක හදල ගුරුවරයට දෙනව. ඒ උත්තර බලාගෙන ගුරුවරයා උගන්වනව. සමහර අයට විශාල මුද්‍රණ යන්ත්‍ර, මුද්‍රණාල තියෙනව. දවසක ආදායම ලක්ෂ 4 පනින අය ඉන්නව. දැන් අවුරුදු 5 විතර කලින් එක විද්‍යා විෂයක් උගන්වන අයෙක් කිව්වා මට ඇඩ්මිෂන් ෆීස් විතරක් ගත්තම අවුරුදු 2ටම ඇති කියල.බොරු දැන්වීම් දාල ළමයින් හූරගෙන කනවා. ඔය කියන තරම් ප්‍රතිඵල දෙනව නම් පාසල් වෙනස් වෙනකොට ප්‍රතිඵල වෙනස් වෙන්නේ කොහොමද? හැම ස්කෝලෙම අය එකම ගුරුවරය ළඟට යනව. ඒත් සමහර පාසල්වල ප්‍රතිඵලය 50% යි. තව එකක 20% යි ඒ ඇයි?
ආහ් අවුලක් නෑ..එයාල විෂයට අමතරව බණ කියනවා..දේශපාලනය..රටේ හෙට දවස ..එම්.සී.සී වගේ ගිවිසුම් ගැන ..එතකොට වඳ පෙති..පැලෝපීය නාල මිරිකල වඳ කරන හැටි ගැන එහෙම කියල දෙනවනෙ..ඊට අමතරව තමන්ගෙ පම්පෝරි..රස කතා..එහෙම කියන්න මහන්සි වෙන නිසා ලොකු ගාණක් ගන්නව ඇති.
බදුගෙවීම පැහැර හැර සිටින නොවෙයි බදු ගෙවියයුතු ලැයිස්තුවේ ටියුෂන් කාරයින් ඇතුළත් කරල නැහැ ඇත්තටම පාසල්වල ගුරු භවතුන් පාසලේදී දූලා පුතාල පංති යනවා නේද අසමින් පංතියාම දිරිගන්වා තමන්ගෙ රාජකාරි අතපසු කිරීමත් මේවාට හේතුවක් වෙනවා මම එහෙම කියන්නෙ මටත් එහෙම සිදුවුණු නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවෙයි ඇත්තටම පාසලේදී හරියට උගන්වා දරුවොත් උනන්දු වෙලා මහන්සියෙන් අධ්‍යාපන කටයුතු කලොත් ටියුෂන් අවශ්‍ය නැහැ කියලා හිතෙනවා ඇත්තටම දැන් කාලයේ ටියුෂන් කියන්නෙ දෙමාපියන්ගේ ප්‍රාණය නැසෙන දරුවන්ට හානිදායක කොවිඩ් රෝගය පරදවා යන භයානක රෝගයක් කියලා කියන්න පුළුවන් ටියුෂන් ගුරාලා විශාල පිරිසක් ඉන්නවා උසස් පෙළ ඉගැන්වීම කලත් ඔවුනුත් උසස් පෙළ සමත් නැහැ උපාධියක් ලබාගෙන නැහැ ඒ නිසා ඔවුන්ට අධ්‍යාපන සුදුසුකම් අනුව අවසර පත්‍රයක් ලබාදීමට හා ටියුෂන් පංති නියාමනය කරන්න ක්‍රමයක් නොපමාව හදන්න ඕන (සමහරක් ටියුෂන් ගුරුන් උදේ ගාල්ලේ සවස අනුරාධපුර පංති කරන්නෙ කොහොමද කියලා කල්පනා කරන කෙනෙකුට අයකරන ගාස්තු කොහොමද කියලා තේරුම් ගන්න හැකියාව ලැබේවි )
වෙනත් රටවල් වල පාසල් අධ්‍යාපනය සවස 4 පමණ වන තුරු පවත්වනවා. චීනය වගේ රටක් ගත්තොත් සවස හය වනතුරු ාසල් අධ්‍යාපනය පවතිනවා ටියුෂන් සම්පූර්ණයෙන් තහනම්. පාසලේ ඇති අධ්‍යාපන ඒකක මගින් සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් එහි ගුණාත්මක බව පරික්ෂා කරනවා. ශ්‍රී ලංකාවට කළ යුත්තේ පාසල් මගින් විධිමත් අධ්‍යාපනයක් ලබාදීම එමගින් ටිලූෂන් වලට ඇති අවස්ථාව නැති කිරීමයි.
ඉස්කෝල වල නොමිලේ උගන්වද්දී මෙච්චර ගණන් දීලා ටියුෂන් යවන දෙමාපියන්ට තමයි මඩු වලිගයෙන් තලන්න ඔ්නි. ටියුෂන් ගුරැවරැන්ට තමන් කැමති ගානක් අය කරන්න පුලුවන්. ඒකේ වරදක් නෑ. ඔවුන් බොහෝ මහන්සි වී තමයි තම උපාධිය සම්පූර්ණ කරගෙන ඉන්නේ. ඊට සරිලන අගයක් මිල කරන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. දෙමාපියන් දැනගන්න ඔ්නි නොමිලේ උගන්වන පාසලට දරැවා එවන්න. ඒකෙදීත් ඔය ටිකම තමයි උගන්වන්නේ.
අධ්‍යාපන ය ට මේ තරම් තරඟකාරීත්වයක් ඇති වී තිබෙන්නේ රජයෙන් අධ්‍යාපන ය ට වෙන් කරන මුදල් ප්‍රමාණය අඩු නිසා. දරුවන් ට තිබෙන ඉගෙනුම් අවස්ථා ගාන අඩු නිසා. විශ්වවිද්‍යාලය ට එක් එක් පීඨ සඳහා ඇතුළත් කරන දරුවන් ප්‍රමාණය වැඩි කර රටේ තිබෙන සෑම පාසලකටම සමාන අවස්ථා ලබා දුන්නා නම් අධ්‍යාපන ය ට තිබෙන තරඟකාරීත්වය ඉබේම අඩු වෙයි. ඔය ටියුෂන් කරන බොහොමයක් අති දක්ෂයින්. ඔවුන්ව රටේ ආදායම වැඩි කරන වෙන වැඩපිළිවෙළක ට යොදා ගන්න පුලුවන් එතකොට
ඇයි #යිසියම් හා #ට්වේ වැනි දෙමව්පියන් හුරාකන කිසිදු විනයක් නැති ජාත්‍යන්තර පාසලුත් මේ ලැස්තුවට එකතුකරන්න. --සක්‍රයා__
පාසල් අධ්‍යනය ශක්තිමත් කරලා උපකාරක පන්ති තහනම් කරන්න ඕනේ. දැන් ඉන්නේ ටියුෂන් ගුරුවරු නෙමෙයි ටියුෂන් මුදලාලිලා. ඒ අයගේ විනය අන්තිමයි, දරුවන්ටත්, රටටත් මොවුන් ගෙන් ලොකූ හානියක් වෙනවා. නරක දේවල් තමයි වැඩිපුරම ළමයින්ට කියන්නේ.
මේක සම්පූණ සත්්ය . ටියුෂන් ගුරුවරු ඉලක්කගත ප්‍රස්න ටිකකට දරුවන් හුරු කරමින් සුරගෙන කනව. එ මදිවට එ සමහර ගුරුවරු තමන්ගෙ ගෘප් ක්ලාස් එකට එන්නත් දරුවන්ට බලපෑම් කරනව. එතනඩි ගාස්තුව වැඩි නිස. මෙවට කිසිම නියාමනයක් හො නීතියක් නෑ. හිතු ගනන් අය කරන්නෙ. පාසල් වෑන් රත ගාස්තුවත් මෙ වගෙ.. ඉන්ධන අඩු කලට ගස්තුව අඩු නෑ. මෙ මාසෙ දින 11ක් දරුවො ගෙදර පාසල් නිවාඩු නිසා. එත් වෑන් රථ මුලු මුදලම අය කරන්නෙ නීතියක් නියාමනයක් නැති නිසයි.
රජය කිසිම දෙයක් පාලනය කරන්නේ නැහැ .තමන් කැමති පරිදි චාජ් කරනවා ගුරුවරු ,කෑලෑ ආණ්ඩුවක් තියෙන්නේ