
(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල දංකැටිය වීරමාවතේ නිවසක ජලය විසන්ධි කළ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයකුට එම නිවසේ සිටි අයකු පහරදී ඇතැයි තංගල්ල පොලිසිය කියයි .
පහරදී ඇත්තේ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ පයිප්ප වෑද්දුම් කරුවකු ලෙස කටයුතු කරන එච්.බී.සිරිශාන්ත නමැති සේවකයාටය.ඔහු ප්‍රතිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ .
තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිළධාරිනිය ඇතුළු සේවක පිරිසක් තංගල්ල ප්‍රදේශයේ ජල බිල්පත් නොගෙවූ අයගේ ජල සම්බන්ධතා විසන්ධි කිරීමට ගොස් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට අර නවීන් දිසානායකගේ ගෝලයකුද ?