්(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අවුරුදු විස්සක් වයසැති තරුණියකට ලිංගික අතවරයක් කළේ යැයි කියන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ගත් සැරයන්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව තාවකාලිකව නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට 2021 වසරේ සිට අනුයුක්ත කර සිටි අයෙක් යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාර පොලිස් සැරයන් මෙම තරුණියගේ ඥාතියෙකු වන බව පොලිසිය කියයි. තරුණිය පමණක් නිවසේ සිටින විට නිවසට ඇතුළු වූ මෙම පොලිස් සැරයන්වරයා ඇයට ලිංගික අතවරයක් සිදු කර තිබෙන බවද පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
තරුණිය කළ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා මෙම පොලිස් සැරයන්වරයා රස්නායකපුර පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් රස්නායකපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
මෙම පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන බව එම උසස් පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd