(සුමිත් පොතුපිටිය )

පානදුර ප්‍රධාන ඇගළුම් කර්මාන්ත ශාලවක් ඉදිරිපිටදී ඉකුත් මැයි 31 රාත්‍රි   පුද්ගලයකු කපා කොටා  ඝාතනය කර සැගව සිටී ප්‍රධාන සැකකරු අද (13) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ජනප්‍රිය මාවතේ  පදිංචි 26 හැව්රිදි අයෙකු බව පොලිසිය කීය.

සැකකරු කතරගම ප්‍රදේශයේ නවාතැන් පලක සැගව සිටියදී අත්අඩංගුවට ගත්බව පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකරු එදින රාත්‍රී පානදුර හොරණ මාර්ගයේ ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී , පානදුර,,මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටී සෙබස්තියන්ගේ මියුරු හසංජය නැමැති 23 හැවිරිදි අයට කඩු පහරවල් 8 ක් පමණ  එල්ලකර ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී ඇති බව පොලිසිය කීය. 

පහරදෙන අයුරු කර්මාන්ත ශාලාවේ ආරක්ෂක කැමරාවල පට්ගතව තිබු බවත් එහි දර්ශන උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.

කළුතර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක (වැබ) සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක මධුෂාන්, සැරයන් වරුන්වන සමන්තිලක (41104), ප්‍රසන්න (69479), ජයසූරිය (69615) සහ පොකොරි ලසික (80123) යන නිළධාරීන්  වැටලීම කර තිබේ.