
(අංජුල මහික වීරරත්න)
ලොව සංවර්ධිත සෑම රටක්ම ඉදිරියට පැමිණ ඇත්තේ එම රටේ මානව සම්පත දියුණු කිරීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එබැවින් 2048 දියුණු රටක් පිළිබඳ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී නිසි අධ්‍යාපන ක්‍රමවේදයක් මෙන්ම පුහුණු ශ්‍රම බලකායක් රටට අවශ්‍ය බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.
මෙරට මානව සම්පත පෙලගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමත් අරමුණු කර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව දස දෙනෙකුගෙන් සමන්විත ‘අධ්‍යාපන අමාත්‍ය කමිටුව’ පත් කර තිබේ.
විභාග නියමිත කාලසීමාවන් තුළදී පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අ.පො.ස (උසස් පෙළ) විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශයට පත් කරන බවත්, එය වෙනස්කරනවා නම් ඒ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතු අතර අතිශය බරපතළ තත්ත්වයක හැර එය වෙනස් කිරීමට නොහැකි වන අන්දමින් නීති සකස් කරන බවත් අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන දින වකවානු දැම්මත්, විභාග පැවැත්වෙන නියම දිනය තීරණය කරන්නේ ස්ටාර්ලින් ජෝෂප් ලොක්කා...
මෙයගෙ මෙ සුරංගනා කතා විශ්වාස කරන්න එපා. අපි හැමෝටම මොලයක් තියෙනව. එක පවිච්චි කරන්න. මෙ වගෙ දැක්මක් නැති මිනිහෙක් ට 2048 නෙමෙයි 3048 දි වත් කිසි දෙයක් කරන්න බැැ, රටෙ මෙච්චර වැරදි වෙනව. වැරදි කරන ඇමතිල ඉන්නව. මෙයාට කොන්දක් තියෙනවද එවට ක්‍රියාමාර්ග ගන්න? මෙය ඇති දුර්වල මනුස්සයෙක්. රාජපක්ශල අරක්ශා කරල ඉපදිල මැරිල යයි. එතකොට රට ඉවර වෙල තියෙයි.
කටින් පමනයි. අපෙ රටෙ මොන කටයුතුද නියමිත වෙලාවට සිදුකෙරුනෙ.
පලාත් පාලන චන්දය තියන්න නිශ්චිත මාසයක වසර කීයකට වරක්ද කියලා තීරක් ගන්න බැරිද?
මනව සම්පත අහාර නැතුව ඉන්නව ඒ ගැන සොයා බලන්න කෙනෙක් නෑ නෙ
ව්‍යවස්ථානුකූලව කැඳවූ මැතිවරණය පාර්ලිමේන්තුවෙන් අහනේනෙම නැතිව කල් දාපු මිනිහා මේ පාර නම් විභාගෙටත් කෙලවන්න වගේ හදන්නේ
අනෙ මගෙ කට විතරයි අවුරුදු 50ක් දේශපාලනය කරනව බම්බුව තමයි
මේක දැන් නම් දොඩවන්නෙ උණ විකාරෙන් ඩෙංගු හැදිලද කොහෙද. නරක ද ඉතිහාසය ටියුෂන් එකක් දැම්ම නම්.