(යොහාන් භාසුර)

වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් ඒ හේතුවෙන් වාහන ආනයනය බොහෝම කල්පනාවෙන් කළ යුතු දෙයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ණය ක්‍රමයක් ඔස්සේ වාහන ආනයනය කරන්න යෝජනාවක් කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රට තවමත් ණය අර්බුදයකට සිටින බැවින් විශාලම අභියෝගය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බවත්ය.

එවැනි තත්වයක් තුළ ණය ක්‍රමයකින් වාහන ආනයනය කිරීම බොහෝම ප්‍රවේශමින් කල්පනා කළ යුතු කරුණක් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.