(යොහාන් භාසුර)
වාහන ආනයනය ඩොලර් අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් ඒ හේතුවෙන් වාහන ආනයනය බොහෝම කල්පනාවෙන් කළ යුතු දෙයක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ණය ක්‍රමයක් ඔස්සේ වාහන ආනයනය කරන්න යෝජනාවක් කර ඇති බව කී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රට තවමත් ණය අර්බුදයකට සිටින බැවින් විශාලම අභියෝගය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බවත්ය.
එවැනි තත්වයක් තුළ ණය ක්‍රමයකින් වාහන ආනයනය කිරීම බොහෝම ප්රවේශමින් කල්පනා කළ යුතු කරුණක් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටෙ අනිකුත් සියලුම වැඩ වගෙ මෙකත් බොහොම "ප්‍රවෙසමට" කරාවි.
මොනවා කරන්න ගියත් නාහෙන් අඩ අඩා උදැල්ල දානවා, එ උනාට ආර්තිකය ගොඩ දැම්ම කියලා පම්පොරිත් ගහනවා.
ගණුදෙනුකරුවන්ටත් බණ දෙසමින් කටයුතු කරන ඉල්ලීම කල සංගමයේ සභාපති රට මෙතරම් ණයබරින් සිටිද්දී තව තවත් රට ණය අගාධයකට දැමීමට උත්සාහ කිරීම පුදුමයක් වෙන්න පුළුවන්
ණයට වාහන ගෙන්වනව කියන්නෙ වැඩිම උනොත් මාස තුනක් දෙයි. නැවත ආපසු ගෙවන්න වෙනවා . විකල්ප දෙකයි තියෙන්නෙ. එක ,බැංකුව හරහා දෙක කවුරැහරි එක්ස්පෝටි කරපු සල්ලි ඒවට හිලවි කරන්න ඕනි. මේ දෙකන්ම වෙන්නෙ ඩොලර් ටික නැතිවෙන එක විතරයි.
මේ මිනිසුන්ට ඕනේ කොහොම හරි වාහන ගෙන්න. පසුගිය මාස කිහිපය තුල කොහොම හරි, විදේශිකයන්ගේ පැමිණීම සහ රට ගිය අය නිසා කෙසේ හෝ සංචිත වැඩිවේගෙන එනකොට, ඒ මුදල් පාවිච්චි කරන්න තව දහසක් වැඩ තියෙද්දී, වාහන ගෙන්නපියවූ කිය කියා දගලන එක තමයි වැඩේ. ඔය මොනවා කිව්වත අයෙත් හොර පාරෙන් එලියට dollar යවන වැඩේ පටන් ගන්නවා ඕක කරපු ගමන්.
වාහන ගෙනාවොත් රට තවත් බංකොලොත් වෙයි
ඉක්මනට වාහන ආනයනය කරපල්ලා.පෙට්‍රල් ඩීසල් වාහන ගෙනල්ලා.ඉලෙක්ට්‍රික් වාහන ගේන්න එපා.දැන් රටට තියන එකම අඩුව වාහන නැති එක විතරයි .පාරට බැහැලා බලපල්ලා වාහනයක් හොයාගන්නවත් නෑ .තව ලොකු ණයක් අරන් මේ වැඩේ කරන්න
රටේ ඉස්පිරිතාල වලට බෙහෙත් ගේන්ට ඩොලර් නැති වුනත්, වාහන ගේන්ට ණයට ඩොලර් හොයනවා. නියම මොළ සෙට් එකක් මේ රට පාලනය කරන්නේ.
වාහන ආනයනය කිරීමට කාලය නොවේ. පවතින අර්බුදකාරී තත්ත්වයෙන් අප ගොඩ එනතුරු රජය පවතින පීඩනය යම් කාලයක් තබා ගත යුතුයි
අර චීන කුණු නැවට ඩොලර්වලින් නේද ගෙවීම කළෙත්...! තවද රනිල්ගේ අනවශ්‍ය විදේශ සංචාරවලටත් ඩොලර් නේද වියදම් කළේත්...!