රුසියන් කතගේ දේපළ සොරගෙන අකුරණ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි රුසියන් ජාතික කාන්තාවකට අයත් ගමන් බෑගයක් තුළ තිබූ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ජංගම දුරකථනයක් සහ රුපියල් 112,000 මුදලක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. 27 April 2023
මහර රැඳවියන් 11කට වෙඩි තැබීම අපරාධයක් ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන් කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට අද (26) නියම කළේය. 26 April 2023
එජාප මැයි රැලියට ජනපති නෑ එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම් උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ’’ජයගමු’’ යන තේමාවෙන් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 26 April 2023
අජිත් රෝහණගේ ස්ථාන මාරුව අවලංගු කරයි දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට නැගෙනහිර පළාතට ලබා දී තිබු ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිෂන් සභාව අද (26) පස්වරුවේ අවලංගු කර ඒ මහතා පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 26 April 2023
නිවෙසින් පිටව ගිය අයගේ සිරුර බෙන්තොට ගඟේ අලුත්ගම සතිපොළ ආසන්න බෙන්තොට ගං ඉවුරට ගොඩ ගසා තිබූ පිරිමි මළ සිරුරක් අද පස්වරුවේ අලුත්ගම පොලීසිය සොයා ගත් බව කියයි. 26 April 2023
ඉන්දීය මහ කොමසාරිස් මහ නා හිමිවරුන් මුණ ගැසෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බග්ලේ මහතා මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්න්වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන ස්වාමින්වහන්සේ බැහැදුටුවේය. 26 April 2023
ආර්.එම්. පාර්ක් - ෂෙල් ජූනි මස වැඩ අරඹයි මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමට අනුමැතිය හිමිව තිබෙන ආර්.එම්. පාර්ක් - ෂෙල් සමාගම ලබන මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වී ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය පළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 April 2023
රට යවන හුටපටයකට තරුණයකු පැහැරගෙන ත්‍රී රෝද රථයකින් පැමිණි කාන්තාවක ඇතුළු සිවු දෙනකු තරුණයකු පැහැරගෙන රැගෙන යමින් සිටියදී අද අත්අඩංගුවට ගත් බව මතුගම පොලීසිය කියයි. 26 April 2023
වැවේ නාන්න ගිය අයියා-මල්ලී වැවේ ගිලී මරුට මාන්කුලම, මල්ලාවි හි වව්නිකුලම් වැවේ දිය නාමින් සිටි සහෝදරයන් දෙදෙනකු අද 26 සවස දියේ ගිලී මිය ගොස් ඇතැයි මල්ලාවි පොලිසිය පවසයි. 26 April 2023
පොළොවට එබිකම් කරන යන්ත්‍රයක් සමග අයෙක් දැලේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ බව කියන අධිතාක්ෂණයෙන් යුත් ස්කෑනර් (deep seeker) යන්ත්‍රයක් සමග එක් අයකු කඩුවෙල වැලිහිද ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත. 26 April 2023
බණ්ඩාරවෙල ’’අල පෙති’’ලෝකෙට යයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අල පෙති(Potato Chips) යුරෝපය ඇතුළු ඇතුලු ලෝකයේ රටවල් වලට අපනයනය කරන කර්මාන්ත ශාලාවක් බණ්ඩාරවෙල කහත්තේවෙල ඉදි කර තිබේ. 26 April 2023
එක්ස්ප්‍රස් පර්ල්’ වන්දිය ඉල්ලා විරෝධයේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පරිසරයට වූ හානිය සම්බන්ධයෙන් අයවිය යුතු විශාල වන්දි මුදල වෙනත් පුද්ගලයන් අතට පත්වීම වැලැක්වීමට කටයුතු කරන ලෙස සහ එම වන්දිය ගැනීමට කටයුතු කරන ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය සහ පරිසර සංවිධාන අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට අද (26) විරෝධතාවක් පැවැත්වීය. 26 April 2023
ඇමැති ගෝලයාගේ උපකුලපති තෝරන පරීක්ෂණයට විරුද්ධ වේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තෝරාගැනීමට අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ ද මැදිහත්වීමෙන් විශ්ව විද්‍යාල අධ්යක්ෂ ජනරාල්වරයා අනිද්දා (28) පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණය අත්හිටුවන ලෙස ඉල්ලමින් අයඳුම්කරුවන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ. 26 April 2023
’’රිලව්ගෙන් ගොවියන් බේරා ගන්න’’ රිලව් චීනයට නොව තූත්තුකුඩියට හරි යවා ගොවියන් බේරා ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 April 2023
අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටිනවා අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටින බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 April 2023
මරදානෙදි දුම්රියක් පීලි පනී මරදාන දුම්රිය ස්ථානයේ 8 වැනි වේදිකාවේ දුම්රියක් අද (26) පස්වරුවේ පීලි පැන ඇති බවත් ඒ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් විය හැකි බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිළධාරියෙකු පැවසීය. 26 April 2023
ත්‍රස්ත පනතත් අයි.එම්.එෆ් කොන්දේසියක්ද? වත්මන් නව ආණ්ඩුව ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න නීති හදනවා වෙනුවට තමන්ගේ ආණ්ඩුවට ආරක්ෂාව ලබා ගැනීම සඳහා ත්‍රස්ත පනත වැනි රෙගුලාසි ශක්තිමත් කරන බව දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 April 2023
‘සිනොපෙක්’ ඉන්ධන මෙහෙයුම් අරඹයි මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අනුමැතිය ලැබුණු සමාගම් තුන අතරින් ‘සිනොපෙක්’ සමාගම ලබන ජූලි මස ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 26 April 2023
2026 දී ණය බෝම්බය පිපිරෙනවා 2022 ට වඩා දරුණු අර්බුදයක් 2026 යේදී ඇති වන බවට තමා අනතුරු අඟවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 26 April 2023
කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී දකුණු පළාතේ තිබෙන ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍ර අක්‍රීයවීමෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද මහත් අපහසුතාවයක් අත්විඳින බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 26 April 2023
මන්ත්‍රීවරුන්ට අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ අර්බුදයට විසැඳුම මූල්‍ය අරමුදල පමණක් නම් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට අයි.එම්.එෆ් ගිවිසුම අනුමත කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අද ( 26) පැවසීය. 26 April 2023
වෛද්‍යවරයාට තර්ජනය කළැයි ප්‍රතිකාර නවති යාපනය පූතූර් මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය සේවයේ නිරත වෛද්‍යවරයෙකුට එල්ල වූ ජීවිත තර්ජනයක් හේතුවෙන් එම බෙහෙත් ශාලාවේ දෛනික ප්‍රතිකාර කටයුතු නවතා දැමීමට අද (25) දින සිට පියවර ගෙන ඇත. 26 April 2023
හිටපු රග්බි සභාපති කෝටි 50 ක් වන්දි ඉල්ලයි ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට කමිටුවක් පත්කිරීමෙන් සිය කීර්තිනාමයට සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට වූ හානියට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා හිටපු සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පැවසීය. 26 April 2023
කෑම නැති බව අධ්‍යාපන ඇමති පිළිගනී බස්නාහිර හැර සෙසු සියලූ පළාත්වල පාසල් දරුවන්ට ආහාර සැපයිම සැපයුම්කරුවන්ට මුදල් සැපයීමේ ප්‍රමාදය හේතුවෙන් නතරවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පිළිගත්තේය. 26 April 2023
ලං.වි.ම ලොක්කෙක් ගැන පරීක්ෂණයක් ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සමාන්යාධිකාරිවරයෙක්ට එල්ල වී ඇති මූල්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 April 2023
කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ. 26 April 2023
‘විදෙස් විශ්වාසය යළි ගොඩනඟා ගත්තා‘ විදේශ බැංකු, මූල්‍ය ආයතනවල විශ්වාසය යළි දිනා ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 26 April 2023
අයි.සී.සී.ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමේ අවදානමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් හේතුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ඉදිරි දිනවලදී අත්හිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සදඟන් කරයි. 26 April 2023
කොටින්ගේ රන්වලට ඉව ඇල්ලූ අයි.පී මාට්ටු එල්ටීටීඊ සංවිධානය වළ දමා ඇති බව කියන රන් තොගයක් ගොඩ ගැනීමට සඳහා අධි බලැති ස්කෑන් යන්ත්‍රයක් රැගෙන මෝටර් රථයකින් ගමන් ගත් බව කියන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු 4 දෙනකු කරදියනාරු ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 26 April 2023
කෝටි 5කට වාලම්පුරියක් විකුණන්න ගිය අයෙක් මාට්ටු ටයිටේන් වර්ගයේ මිළ අධික වාලම්පුරික් රුපියල් කෝටි 5 කට අලෙවි කිරිමට සූදානම් කර සිටී පුද්ගලයෙකු නුවරඑළිය ගොරකාපතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 26 April 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026