
(යොහාන් භාසුර)
කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරු සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් සමඟ මහනුවර මල්වතු හා අස්ගිරි මහාවිහාරයන්හි පැවැති සාකච්ඡාවෙන් අනතුරුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එසේ සඳහන් කළේය.
මල්වතු පාර්ශවය වෙනුවෙන්,මහනුවර උපොෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාහර් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශවය වෙනුවෙන් අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ශ්‍රී ධම්මානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම සාකච්ඡාවට එක්වුහ.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක, අතිරේක ලේකම් (ආගමික කටයුතු) එච්.එන්.කුමාරි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් (වැ.බ) කීර්ති සිරිබද්දන යන මහත්ම මහත්මිහු මෙම සාකච්ඡාවට සම්බන්ධ වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මොන පාර්ෂවයකින්වත් අහන්නේ නැතිව අඩුම අවුරුදු 18ක්වත් කරන්න ඕනෑ. අද අපේ රටේ බුදුසසුන එතරම් පිරිහිලා...
මේවත් රටේ ප්‍රශ්න තමයි, ළමයින්ගේ අයිතීන් සුරකින්න ඕනේ මහපාරවල් වල ඉන්න ළමයි ගැන කවුරුවත් උනන්දුවක් නෑ.
කුල දරුවන් සසුන්ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව විශේෂ අවධානයක් යොමුවිය යුතුවේ. කුලදරුවන් සසුන්ගත කිරීමේදී වයස සීමාව පිළිබඳව පැති කිහිපයකින් බැලිය යුතු කාරණාවකි. කුඩා දරුවන් සසුන්ගත කිරීමෙන් පසු ඔවුන්ව රැකබලාගැනීම පන්සල තුළදී සිදුවිය යුතු ආකාරය පිළිබඳව යම් නිර්ණායක තිබිය යුතුවේ. වැඩිහිටියන්ගේ ආර්ථික අ පහසු තත්වයන් මත දරුවන් සසුන් ගත කිරීම සුදුසු නොවේ. එය සිදුවිය නොවිය යුතුවේ, එසේ නමුත් පැවිදි කරගත යුතු කුලදරුවන් සහ සසුන්ට ගැලපීම සහ සසුනේ චීවරය සමග ගත කරන්නා වූ ජීවිතයට අනුගතවීම පිළිබඳව සොයා බැලීමක්, අධ්‍යයනයක් සහ යම් කොන්දේසි තිබිය යුතුවේ. කුල දරුවන් කුඩාකල මහණ කිරීමේදී ඔවුන්ව කුඩාකළ පටන් යහමගට ගැනීමේ හැකියාව සහ විශාල වශයෙන් ධර්මය අධ්‍යයනය කටපාඩම් හැදෑරීම තිබෙන්නා වූ නිසා කුඩාකල දී සසුන්ගත කිරීම වැදගත් වේ...
බුදුන් වයස සීමාවක් පනවල නේද තියෙන්නේ...? දෙමව්පිය කැමැත්ත ඇතිව අවුරුදු 7 සිට ඉහළට කියලා. මෙතැනදී පැනවියුතු නීතිය තමයි දෙමව්පියන්ට හොඳ අතිරික්තයක් තිබිය යුතුයි කියලා. ඒකත් ඉතින් යම් අසාධාරණයක් වෙනවා... දුප්පත් දෙමව්පියෙකුට ඇත්තටම දරුවෙක් සසුන්ගත කරන්න අවශ්‍ය වුණොත්... මේ නිසා වෙන්න ඇති බුදුන් එවැනි නීතියක් පැනෙව්වේ නැත්තේ... ඊටත් ඒ කාලේ වැඩිපුර පැවැදි වුනේ රජ කුමර කුමරියෝනේ...
අවම වයසින් සසුන්ගත කරනවා වගේම කුල ගෙදරට යන අයටත් වයසක් දැම්මා නම් තමයි හොඳ...