(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගලෙන්බිඳුනුවැව මූලික රෝහලේ සේවය කරන සාත්තු සේවිකාවන් දෙදෙනකු  එකිනෙකාට පහරදීම් සිදුකර ගැනීම නිසා දෙදෙනාම තුවාල ලබා එම රෝහලේම වාට්ටු දෙකක ප්‍රතිකාර ලබමින් පසුවන බව ගලෙන්බිඳුනුවැව  පොලීසිය පවසයි.

සාත්තු සේවිකාවකට යතුරුපැදි ආරක්ෂිත හිස් වැසුමකින් ද පහර දී ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සත්තු සේවිකාවක් උදෑසන රාජකාරියට වාර්තා කිරීමෙන් පසු රාජකාරි වේලාව තුළ දී ඇයගේ දරුවා රැගෙන ඒමට පාසලට පිටත්ව යෑම සම්බන්ධයෙන් හටගත් කතාබහක්  දුරදිග යෑම මෙවැන්නක් සිදු වීමට හේතු වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

ගලෙන්බිඳුනුවැව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.