(ටී.කේ.ජී.කපිල සහ ශ්‍රීනාත් ප්‍රසන්න)
රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊයෙ (15) රාත්‍රී ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසිය කියයි.
63 හැවිරිදි Dovgaienko Valerii නැමැති මෙම සහාය ගුවන් නියමුවා ඔවුන් නැවතී සිටි කටුනායක පීල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයේ කානුවකට ඇද වැටී ඇතැයි හෝටල් සේවකයෝ කියති.
පසුව කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම ගුවන් නියමුවා මීගමුව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර , පරීක්ෂා කර බලා මොහු මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් සනාථ කර තිබේ .
මෙම මරණයට හේතුව හෘදයාබාධයක් විය හැකි බවට සැක කරන අතර , මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි .
මෙම සහාය ගුවන් නියමුවා අද (16) දින දහවල් 12.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව එරොෆ්ලොට් ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටියේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd