
(සුජිත් හේවාජුලිගේ )
රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.
මෙසේ වසා දමා ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි.
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ( ඈවරකරු) පී.එච්. ඒ.එස් විජයරත්න මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව අවලංගු කරන ලද බවද එම ගැසට් නිවේදනයේ දැක්වේ.
මේ අතර ක්‍රියාශීලීත්වය අතින් පහළ මට්ටමක ඇති රාජ්‍ය ආයතන හතළිහක් වසා දැමීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පසුගියදා පැවසුවේය.
එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකගතා අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනාගනු ලැබ ඇතැයිද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව දිනෙන් දින අගාධයට ගෙන යන ශ්‍රී ලන්කන් එක වසා දමන්නේ කවදාද?
එකෝමත් එක කාලෙක ලංකාවේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසින්ම තමයි දුරකථන පහසුකම් ලබාදුන්නේ... ඒ කාලයේ ඒවාට සහායට හලෝ girl කියලා හදුන්වන දුරකථන සේවිකාවන් පිරිසක් හිටියා. ඩී.බී විජේතුංග මහතා තැපැල් හා විදුලි සංදේශ ඇමැති ලෙස දුරකථන පහසුකම් ඇතිකර දෙපාර්තමේන්තු කටයුතු ටෙලිකොම් වෙතට පැවරුවා. එතුමා එම කටයුතු නොකළානම් තවමත් සෘජු දුරකථන පහසුකම් ගන්න ලැබෙන්නේ නැහැ ඉතින් මෙතෙක් කලක් දෙපාර්තමේන්තුව නඩත්තු කලේ මොකටද කියලා හිතෙනවා...