
(ෂේන් සෙනෙවිරත්න)
ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ .
ටයිම්ස් ලෝක ශ්‍රේණිගත කිරීම් මගින් උසස් අධ්‍යාපනයට ලොව සුදුසුම උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය වාර්ෂිකව සිදු කරන අතර එමගින් ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන වල විවිධ මෙහෙවරයන් හා සාර්ථකත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම සිදු කරන අතර ටයිම්ස් ලෝක විශ්වවිද්‍යාල ශේණිගත කිරීම මගින් විශ්වවිද්‍යාල ක්‍රියාකාරකම් වල ප්‍රධාන අංශ තුනක් ආවරණය කරනු ලබයි .
එනම් පර්යේෂණ, බලපෑම සහ ඉගැන්වීම එම අංශ තුන වේ . එම අංශ තුන යටතේ ප්‍රවේශ වෙමින් කාර්ය සාධන දර්ශක 13 ක් භාවිතා කරමින් වර්ගීකරණය සිදු කරනු ලබයි .
ඒ අනුව ටයිම්ස් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක01 විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය බවට පත් වූයේ සිව්වැනි වරට වීමද විශේෂත්වයකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වසන්ත මුදලිගේගෙ වැඩ?
හරිම ශෝක ජනකයි... මළ සිරුරු එල්ලෙමින් තියෙන තැනක් හොඳම තැන බවට පත්වෙලා...
ජපුරේ management පීඨය එහෙම කොහොමද? ඒක නම් ලෝකයේ පිළිගත්ත ඉහළම ජනෙල් වල පබ්ලිශ් කරන කට්ටිය. FT50 jornal වල පේපර් පිරිලා
ලංකාවේ අංක 1. ලෝක ශ්‍රේණිගත කිරීමේදී අංක 501-600 පරාසයේ....
පේරාදෙණියේ ඉඩකඩ, පරිසරය, ලස්සන අනික් විශ්ව විද්‍යාලයට වඩා හොඳයි. ඒ වුණාට උපාධි පාඨමාලා යාවත්කාලීන වීම අතින් මන්දගාමියි. මොරටු විශ්ව විද්‍යාලය පේරාදෙණියට වඩා ඉදිරියෙන් ඉන්නේ...