(සමන් පාලිත නානායක්කාර)
දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශීය අද 16 උදේ පාසල් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පාසල් ළමුන් 13න් දෙනකු සහ එහි රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
පෙරවරු හයයි තිහට පමණ අනතුර සිදු වීමත් සමග පාසල් බස් රථ ඇතුළු වෙනත් වාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී තිබුණි.
බස් රථ අනතුරින් පසුව රියදුරු අසුනෙහි සිරවීම නිසා ඔහු මුදවා ගැනීමට පොලීසිය ඇතුළු ප්‍රදේශවාසීහු මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.
තුවාල ලැබූ පාසල් ළමුන්ගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව පොලීසිය කියයි.
දියතලාව සිට බණ්ඩාරවලට ගමන් ගත් පාසල් බස් රථයේ සිටි පාසල් සිසුන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.ෙ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙළවරක් නැති මෙවැනි අනතුරු මේවා නවත්තන්න කරන්න ඕනේ එකම දේ මේ අයට ජීවිතාන්තය දක්වා රියදුරු බලපත් තහනම් කිරීම...