
( තිලකරත්න දිසානායක)
ගම්පහ සිට නාවින්න දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන මිරිස්වත්ත ප්‍රදේශයේදී බස් නැවතුමකට කඩාවැදීමෙන් , බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුමේ රැදී සිටි දෙදෙනෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇත.
පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ වැලිවේරිය දෙසට ගමන් ගැනීම සදහා බස් නැවතුමේ සිටි 65 හැවිරිදි මිත්තණියක සහ 16 හැවිරිදි මුණුපුරෙකු මෙලෙස තුවාල ලබා රෝහල්ගත කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
මිත්තණියගේ පාදවලට හානි වී ඇති බව රෝහල් ප්‍රකාශිකාවක් සදහන් කළාය.
බස්රථය දුරකථන රැහැන් කණුව ගැටී එයද කඩාවැටී තිබූ අතර බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගනු ලැබූ යක්කල පොලීසිය සදහන් කරයි.
මෙම අනතුර සම්බන්ධයෙන් යක්කල පොලිස් රථවාහන අංශාධිපති උප ප්‍රධාන පොලිස් පරීක්ෂක අබේරත්න බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd