(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
විශ්වවිද්‍යාල පරිසරයේ පවතින යම් යම් පීඩාකාරී තත්වයන් හේතුවෙන් දරුවන් සියදිවි හානිකර ගැනීම වැනි ඉරණම්වලට ගොදුරුවිය හැකි බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.
සමහර විශ්ව විද්‍යාලවල ඉගෙනුම් ක්‍රියාවලිය නිර්මාණයවී ඇත්තේ පීඩනය වැඩිවන ආකාරයට බවද ඔහු සඳහන් කළේය.
පීඩනය සමග ඇතිවන විශාදය වැනි තත්වයන් සහ ආවේගශීලීත්වය හේතුවෙන් ශිෂ්‍යයන් මෙවැනි අභාග්‍ය සම්පන්න ඉරණම්වලට ගොදුරු විය හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ආර්ථික පීඩනය සහ නවකවදය වැනි හේතුද මේ තත්වය උත්සන්න කළ හැකි බව ප්‍රකාශ කළේය.
සමහර දරුවන්ට කුඩා කාලයේ සිටම මවුපියන් ඔවුන්ගේ සියලු වැඩකටයුතු කරදීම නිසා ප්‍රශ්න දරාගැනීමේ හැකියාව නැතිවන බවත් සමහර ශිෂ්‍යයන් සමාජය සමග ගැටෙන්නේත් ප්‍රශ්නවලට මුහුණ දෙන්නේත් විශ්වවිද්‍යාලවලට පැමිණි පසුව බවත් රූමි රූබන් මහතා කීවේය.
බොහෝ ශිෂ්‍යයන් නිවෙස්වලින් ඈත්වී නේවාසිකාගාරවල තනිවීමෙන් විවිධ මානසික ව්‍යාධීන්ට ගොදුරුවන බව පෙනී ගොස් ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනාගතය?
මේකනේ කතන්දරේ. පේරාදෙණියේ ඉංජිනේරු පිඨයේ පළමු වසරේ අවසානයට පවත්වන විභාගයෙන් වැඩියෙන් රැකියා අවස්ථා තියෙන පාඨමාලාවලට ගන්නේ ටික දෙනයි. ඉතින් හැමෝම තරග කරනවා. බලාපොරොත්තු කඩවෙන බව දැනුණාම ආතතිය වැඩිවෙනවා. මොකද අද සිවිල් ඉංජිනේරු අංශයේ රැකියා අඩුවෙලා. හැමෝම ට්‍රයි කරන්නේ ඉලෙක්ට්‍රොනික් පාඨමාලාවට යන්න. ඒ නිසා ඒ ගැනත් හිතන්න ඕනෑ.
කාටහරි පින්සිද්ද වෙයි, නවක වදය දෙන ඔය පීඩාකාරී හැතිකරය එළවලා හරි, විනාශ කරලා හරි දාන්න පුළුවන් නම්... අඩු තරමින් යහපත්, විනයගරුක සහ සාමකාමී පවුල්වලින් එන දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් වෙයි.
ඉස්සෙල්ලම ඔය රැග්කරන අය ජීවිත කාලෙටම කැම්පස්වලින් එලවන්න ඕනේ. ඔවුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානව අයිතිවාසිකම් කඩකිරීම් උඩ හිරේ දාන්න ඕනේ. ළමයින්ට මීටවඩා පහසුවෙන් තමන්ගේ මානසික පීඩනය අඩුකරගන්න ඔවුන් ආචාර්ය මණ්ඩලය මගින් පත්කරන පුද්ගලයින් යොදවන්න ඕනේ... පිටරට විශ්ව විද්‍යාලවල වගේම... ඉතාමත් දුප්පත් ළමයි වෙනුවෙන් මෙයට වඩා මැදිහත්වීම් කරන්න ඕනේ... ඔය පෙළපාලිවලට බලෙන් ළමයි ඇදන් යන හැත්ත හිරේ දාන්න ඕනේ...!
ලමයින් සහ ආචාර්යවරුන් අතර මනා සබඳතාවක් තිබිම කාලීන අවශ්‍යතාවයකි..එසේම ලමයින්ට පොතටම සීමාවුන අධ්‍යාපනය සහ අසීමාන්තික දෛනික වැඩ පීඩාකාරීය.රටේ පවත්නා අවිනිශ්චිත බවද මනස ව්‍යාකූල කිරීමට හේතුයි..අඩු ආදායම් දරුව න් සහ භාෂා ප්‍රශ්න ඇති දක්ෂ දුෂ්කර පලාත්වලින් එන දරුවන්ට කල් ඇතිව විශේෂ අවධානයක් සහ වැඩ පිලිවෙලක් අවශ්‍යයි.සෑම දරුවෙකුටම පහසු මිලට පෝෂණය පිරි ආහාර වේලක පහසුකම දීම.සරසවි සිසුන් සදහා සපයන ආහාර පිලියෙල කිරීමට භාවිත කරන අමු ද්‍රව්‍ය වල සෞඛ්‍ය සම්පන්න බව ඇගයීම කල යුතුමයි .ලමයින් ද විනය ගරැක විය යුතුය.