(එම්. කේ.නන්දසේන)
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය අසල සුභ සාධක කටයුතු වල යෙදී සිටි හමුදා මහ ට්‍රැක්ටර් රථයක් අද (16) පෙරවරුවේ පෙරලී යාමෙන් එහි ගමන් ගත් හමුදා නිළධාරීන් හත් දෙනෙකු තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කර ඇත.
ඉන් හතර දෙනෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි කතරගම පොලීසිය කියයි.
මෙම පිරිස සෙල්ලකතරගම යුද හමුදා කඳවුරේ සිංහ රෙජිමෙින්තුවට අයත් බට පිරිසක් බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිස් රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd