IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අනියම් පෙම් කතක් මරයි

ලාබාල අයකු හා තවත් අයකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ තිදරු මවක එක් අනියම් සැමියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මැදිරිගිරිය ධීවර ගම්මානය, මිරිස්හේන පදිංචි තිදරුමවකි.

ඝාතනය සිදු කළ බව කියන සැකකරු ඒ් ආසන්නයේම තිස්සපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 හැවිරිදි තිදරු පියෙකි. ඔහු වෘතියෙන් ධීවරයකු බව පොලිසිය පවසයි

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා විදුලිසැර වැදීමකින් මීට මාස 4 පමණ පෙර  මියගොස් ඇති අතර ඒ් වන විටත් ඇයට වඩා වයසින් අඩු ලාබාල තරුණයකු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ලාබාල තරුණයා සමග ජීවත්වන අතර තුර ඇය වෙඩි තැබූ බව කියන  තිදරු පියා සමග ද අනියම් ඇසුරක් ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇත.

එම පෙම් හබය දුර දිග යාමෙන් ඊයේ  රාත්‍රී 7.10 පමණ මෙම කාන්තාව යාබද නිවසේ පදිංචි සිය මවගේ නිවසේ සිට පිසින ලද බත් භාජනයක් රැගෙන නිවස පිටුපසින් ඇගේ නිවසට ඇතුළු වෙද්දී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදුණු  අවස්ථාවේදීම තුවාලකාරිය මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඇය  මියගොස් ඇත.

 

 



අදහස් (5)

අනියම් පෙම් කතක් මරයි

මල් මාමා Friday, 16 June 2023 09:32 PM

ඔය ගහේ ගෙඩි කෑවොත් ඔහොමම තමයි...

:       3       8

Rajeev Saturday, 17 June 2023 12:29 AM

වැරැදි කරන අයට හොඳ පාඩමක්..., මහත්තයා නැතිවෙලා මාස 4 යි, අනියම් පෙම් දෙකක්,...

:       6       9

S W kumari Saturday, 17 June 2023 04:44 PM

ඔයවගේ වැඩකරන අයට ඔහොම තමයි වෙන්නේ...!

:       6       7

Asitha Sunday, 02 July 2023 05:45 PM

දියුණු රටවල මේ වගේ සිද්ධියකදී කවුරුත් මිය නොයයි...

:       1       4

Santth Monday, 03 July 2023 06:29 PM

කඩේකින් තේ එකක් බීලා පුරුදු වුණා නම් අනික් මිනිස්සුන්ටත් ඉඩදෙන්න වෙනවා. කඩේ අයිතිකරගන්න ගියාම ඔහොම දේවල් වෙන එක නවත්වන්න බැහැ. දැන් ඉතිං අම්මා තාත්තා නැති ළමයි 3 යි. අවුරුදු 12ට තාත්තා නැති ළමයි 3....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 42 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site