
(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකුගේ සිරුරක් විශ්ව විද්‍යාලය තුළ එල්ලෙමින් තිබියදී අද (16) පෙරවරුවේ සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි .
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු සඳහා යාපනය ප්‍රදේශයේ සිට පැමිණි සිසුවෙකු මෙසේ මියගොස් තිබේ .
ඉංජිනේරු පීඨයේ සිසුන් රැඳී සිටින අක්බාර් ශාලාවේ ඔහු රැඳී සිටි කාමරයේ වැසිකිළිය තුළ ඔහුගේ සිරුර එල්ලෙමින් තිබෙනු දැක ඒ බව සිසුන් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට දැනුම් දී තිබේ .
පේරාදෙණිය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ පේරාදෙණිය පොලීසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ දියුණු රටවල්වලින් උපදෙස් අරන්, මේ අධ්‍යාපන ක්‍රමය මුලසිට වෙනස් කරන්න ඕනේ...
සිල්වා මහත්තයෝ රටේ ආණ්ඩුවට හෝ විපක්ෂයට විශ්ව විද්‍යාලය තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක වාමාංශික පක්ෂවලට හෝ මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට කිසිම අවශ්‍යතාවයක් නොමැත.එයට හේතුව මෙම ක්‍රමය තුළඔවුන් විශාල දේශපාලන වාසි ලබන නිසා, රටේ නූගත්, දුප්පත් මිනිස්සු වැඩිවෙන තරමට ඔවුන්ට අපව පාලනය කිරීම පහසු වෙනවා.