
(අංජුල මහික වීරරත්න)
ඩෙංගු ආසාදිතයකුගෙන් මදුරුවන් හරහා තවත් අයකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය. එබැවින් ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා රෝගීන් මෙන්ම ඩෙංගු ආසාදිතයකු ලෙස තහවුරු කර ගන්නා තුරු සියලු උණ රෝගීන්ද මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ජනතාව පෙළඹවිය යුතු බවත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ජනමාධ්‍ය සහාය අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය මේ බව සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා පත් කරන ලද බස්නාහිර පළාත් අනුකමිටුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී රැස් වූ අවස්ථාවේදීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඩෙංගු පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විශේෂඥ කමිටුවක් පත් කරන ලද අතර එම විශේෂඥ කමිටුව මඟින් පළාත් මට්ටමින්ද අනුකමිටු 09ක් පත් කරනු ලැබීය.
විශේෂඥ කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බස්නාහිර පළාත් අනුකමිටුවේදී දින කිහිපයක් ඇතුළත ඩෙංගු පාලනයට ගත යුතු කඩිනම් පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වැදගත් නිර්දේශ ලබා දුන් මෙතුමිය ජනාධිපති ධූරයට ඉතා සුදුසුයි. කිසි කෙනෙක් නොදන්නා නවීනතම සොයා ගැනීම් රාශියක් එළි දක්වලා තියෙනව ඩෙංගු මර්දනයට. ඒ වෙනුවෙන් මෙතුමියට දේශාභිමානි සම්මානය දිය යුතුයි. රටකට ගිය කල
සියළු උණ රෝගීන් නෙමෙයි සියළුම වැසියන් මදුරුවන්ගෙන් බේරෙන්න මාර ට්‍රයි එකක් දෙනවා. ඕකට මාධ්‍යය හරහා කියන්න දෙයක් නැහැ. දුම් ටිකක් ගහලා මේ වසංගතේ ඉවරයක් කරන්න බැරි ඔය වගේ පජාත දේශපාලුවන්ගෙන් බේරිලා ඉන්න විදිහ රටට කියන්න මාධ්‍ය වලට ප්‍රලුවන් නම් ගොඩක් වටිනවා.