(අංජුල මහික වීරරත්න)
පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් යැයි කියමින් මුලතිව් කුරුන්දි විහාරයට හා ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 5000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂාවක් කොට වාර්තා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
මුලතිව් කුරුන්දි විහාරයට අක්කර 3000ක භූමි ප්‍රමාණයක් ද ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 2000 ක භූමි ප්‍රදේශයක් ඉල්ලා තිබෙි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ඉඩම් දෙපාර්තමේන්තුවට හා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රජයේ ඉඩම් වලින් මේසා විශාල ඉඩම් ප්‍රමාණයක් පුරා විද්‍යා භූමි බව කියමින් ඉල්ලා සිටීමෙි පදනම කුමක්දැයි වහාම සොයා බලන ලෙස ජනාධිපතිවරයා අදාල අංශ වෙත නියෝග කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන කාලයේ පිහිටුවන ලද පුරාවිද්‍යා ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් මෙම භූමි ප්‍රමාණය වෙන් කර ඇති අතර ඒ භූමි ප්‍රමාණය පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු වෙනුවෙන් වෙන්කළ යුතු බවට කාර්ය සාධක බලකාය මගින් නිගමනය කර තිබේ.
බෞද්ධ මුලස්ථානය ලෙස සැලකෙන අනුරාධපුර මහා විහාරයට හෝ ජල උද්‍යාන වැව් පොකුණු සහිත සුවිශේෂී ශිෂ්ටාචාරයකට උරුමකම් කියන සීගිරියටවත් නැති ඉඩම් ප්‍රමාණයක් මෙලෙස කුරුන්දි විහාරයට හා තිරියාය විහාරයට ඉල්ලා සිටින්නේ මන්දැයි විද්‍යානුකූල දත්ත ,සාක්ෂි සහිතව සොයා බැලීමට ජනාධිපතිවරයා මෙම කමිටුව පත් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහබැංකුව කැඩුව වෙලේ පත්කරපු කමිටුව වගේ එකක් වෙන්න ඇති. ඔබට ජනවරමක් නැහැ ඕවා කරන්න පිං ජනා....!
කුරුන්දි විහාර හදන කාලේ දෙමල්ලු කොහේද හිටියේ...? මෙතන ප්‍රශ්නයක් නැහැ. කුරුන්දි විහාරය කරන කාලේ දෙමල්ලු හිටියේ නැහැ. එහෙනම් උඹලාට ඇති අයිතිය මොකක්ද?
කිව්වා නේද? ඉතිහාසය උගන්වනවා කියලා..., ඔන්න දැන් කමිටුවකින් දැනගන්න යනවා. නරියාටත්, GR වගේ උෂ්ණය ගහගෙන එන්න... තවදුරටත් යන්න බැහැ.. පින් රජෝ, මැතිවරණ තියන්න....
කුරුන්දි විහාරයට අක්කර 285 වෙන් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලපු බවක් තමයි ජනාධිපතිවරයා සමග තිබුණු සාකච්ඡාවේදී දැක්කේ... මේ අක්කර 5000, 3000, 2000 කතාව කොහෙන්ද ආවේ?
ඔක්කොටම ඉස්සෙල්ලා බලන්න ජනපතිතුමනි ,උතුරු නැගෙනහිර බෞද්ධ විහාරයන්ට සහ ඒවා රකින ස්වාමීන් වහන්සේලා එල්ලා වහන හින්දු අන්තවාදීන්ගේ ක්‍රියාකලාප ගැන .ඊට පස්සේ ඉඩම් ගැන හොයන්න
උතුර නැගෙනහිර ඉන්න දෙමළුන්ට ලෝකෙට පෙන්නන්න ඉතිහාසයක් නැහැ. ඔවුන් අපේ ඉතිහාසය ඔවුන්ගේ කරගන්න හදනවා...