(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සුපිරි ධනපතින්ට සහන සලසා දෙමින් රට බංකොලොත් කළ බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද එය අකුරටම ඒ ආකාරයෙන්ම ඉටු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ සාමාන්‍ය ජනතාව ගැන කිසිදු හැඟීමක් වර්තමාන ආණ්ඩුවට නැති බව විදුලි බිල සංශෝධනයේදී තහවුරු වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රටේ සම්පත් කොල්ල කෑ, රට විනාශ මුඛයට රැගෙන ගිය පිරිස සුරක්ෂිත කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා විසින් බවත් සමගි ජනබලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පලාත් පාලන ආයතන නියෝජිතයින් සහ අපේක්ෂකයින් පිරිසක් හමුවෙමින් ඔහු පැවසීය.
එවන් දුර්දාන්ත ආණ්ඩුවක් සමග සමගි ජන බලවේගය කිසි ලෙසකින්වත් එකතු නොවෙන බවත් විපක්ෂ නායකවරයා කීවේය.
ආණ්ඩුවට හිතවත් ඇතැම් මාධ්‍ය යොදාගෙන සමගි ජන බලවේගය සහ ජනාධිපතිවරයා එකට එකතු වන බවට බොරු ප්‍රචාර පළ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා තාන්න මාන්න තනතුරුවලට කිසිදිනක තමන් මේ රටේ ජනතාව පාවා නොදෙන බවද පැවසීය.
ජනාධිපතිවරයාව පත් කිරීමට මුල් වූ පොහොට්ටුවේ කණ්ඩායම පැමිණ ඇමතිධූර ඉල්ලන බවත් දැන් එය සූදුවක් බවට පත්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඒ නාඩගමට ඇත්තේ තව වසර එකහමාරකට අඩු කාලයක් බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා යන්නේ යාල පාරේ ද? මේ වගේ කයිවාරු විහිලු නායකයෙක් ඉන්නකම් රනිල් එයාට ඕන ගේම් එක සෙල්ලම් කරන එක නවත්වන්නේ නෑ තමයි.
රට බංකොලොත් කරන්නේ නැතුව තිබුණු යහපාලන රජය පෙරලන්න ඩීල් දැම්මේ කා සමගද? දූෂිත අය සමග නේද? දැන් සුදනාද? බල පෙරේතකම...
ගෝඨා ගිය පාරේම රනිල් ජනපතිත් යනවානම් විපක්ෂයේ නොසිට ආණ්ඩුවට එක්ව රනිල් යන ගමන වෙනස් කරන්න, එවිට රටේ පුරවැසියන් තේරුම් ගනීවි. සජිත්ට තමා රනිල් ජනපතිගේ ගමන වෙනස් කලේ කියලා. මේ යන ගමන වෙනස් කරන්න ප්‍රතිපල එනකොට රටේ පුරවැසියෝ කියවී සජිත් FAIL ද පාස් ද කියලා. කරන දෙයක් ඉක්මනට
අලුත් පාරවල් හොයන්න ගිය ජෙප්පෝ සජබයින් අතරමං වෙලා නේද? දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග...