(අංජුල මහික වීරරත්න සහ නිරෝෂනී රත්නායක)
කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වුහොත්, එම අගතියට පත් පාර්ශ්වයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ලෝකයේ සෑම රටකම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ කටයුතු කිරීමට එවැනි ක්‍රමවේදයක් භාවිතා වන අතර ශ්‍රී ලංකාවෙි එය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන එලෙසින්ම ඇතුළත් කිරීමට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අද (15) පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ කරමිනි.
විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයදුම් කිරීමට මේ සමඟ අවස්ථාව සැලසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හපුයියා කටට නොදැනීම බොරු වපුරනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරන්නේ නැහැයිලු. මිනිහා පට්ට හොරු 134 දෙනෙකුගේ ඡන්දයෙන් හොර ජනාධිපති වෙලා පාර්ලිමේන්තුවට ආපු පළමුවෙනි දවසේම මන්ත්‍රීවරයෙක් තම අදහසක් ප්‍රකාශ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ. මේ හපුයියා එකපාරටම කඩාගෙන පැන්නා "ෂටප් ඇන්ඩ් සිට් ඩවුන්.." කියාගෙන. කාටත් අමතක නැතුව ඇති. පාර්ලිමේන්තුව ඇතුලේ එහෙම " නෝන්ජල් මන්ත්‍රීලගේ කටවල් වහන මෙයා පාර්ලිමේන්තුවෙන් පිටදී ජනතාවගේ කටවල් වහන්න පියවර නොගනීද? " කාලයකට ඉහතදී " මළ මිනියක් අපේ රට පාලනය කළා. අදත් එහෙමයි...
ඔහෙට අහුරන්නත් බෑ. ඇයි ඔහේ අපේ රටේ අයිතිකාරයා කියලද හිතුවේ... පිස්සු නැතිනම් හොඳයි.
එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය ප්‍රතිපත්ති අනුව වැඩ කරනවා නම් මේ රටේ දේශපාලකයන් ද එහි අය මෙන් රටේ දේපල හොරකම් නොකොට සිටිය යුතුයි නේද? මේ කඩිමුඩියේ හොරුන් නොඅල්ලා මේ කරන්නට යන දෙයින් රට කෑ හොරුන් ආරක්ෂාවීම සිදුවෙනවා. පළමුව එංගලන්තයේ මෙන් පිරිසිදු දේශපාලනඥයින් සිටින රටක් හදන්න. හොරුන් රටෙන් හොරා කෑ දේ නැවත රටට ලබා ගැනීමට කටයුතු කරන්න. අනතුරුව, මාධ්‍ය සඳහා නීති පනවන්න. දැන් කපුටා එළියට එන්න පටන් අරගෙන.. .මේ කඩිමුඩියේ මේ පනත ගේන්න හදන්නේ කපුටා ඇතුළු පරපුරේ හොරකම් වහන්න බව ඕනෑම කෙනෙකුට පෙනීයන කරුණක්. අනේ මේ රටේ ජනතාවගේ දේවල් හොරෙන් ගත් දූෂිතයින් අල්ලන්න පනතක් ගේන්න නායකයෙකු නොමැති හැටි....
මාධ්‍යයට සහ සමාජ මාධ්‍යයට අදහස් ප්‍රකශ කිරීමේදී යම් සංයමයක් සහ යම් පාලනයක් යටතට පත්විය යුතුවේ. ලෝකයේ කිසිදු රටක සමාජ මාධ්‍ය මගින් අදිකරණයේ හෝ පොලිසියේදී පවත්වෙන්නාවූ පරීක්ෂණ පිලිබදව විවේචන සිමාවන් ඉක්මවා කිරීමක් සිදුවන්නේ නැත. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඔවුන්ගේ සිමාවන් ඉක්මවා ගොස් අදහස් ප්‍රකාශ කර ඔවුන්ගේ Subscribers ප්‍රමාණය වැඩිකර ගැනීම සදහා දරනාවූ උත්සාහයන් නිසාම ඔවුනට ජනාධ්‍ය ප්‍රමිතීන්, media regulations අමතකව සිමාවන් ඉක්මවා ගොස් ගැටළු ඇතිකර ගනී.
දියවන්නාව තුළ ජනතා නොවන ප්‍රශ්න කතා කිරීම අහුරාලිය යුතුයි . දියවන්නාවේ මෝඩ තීරණ නිසා අගතියට පත් වූ ජනතා පාර්ශවයන්ට සහනයක් ලබා ගැනීමට ක්‍රමවේද සැකසිය යුතුයි .
රජයේ ආයතන තුල සේවයකරනා කිසිදු සේවකයකු gmail මගින් අදහස් හුවමරු කරගැනීම නීතියෙන් තහනම් කලයුතුවේ. ලංකාවේ දුරකථන සමාගමක් මගින් (telecom සමාගම්) හෝ ඔවුන් සේවය කරනාවූ ආයතනය තුල email එම ආයතනයේද නම සදහන් වන පරිදි unique email create කලයුතුවේ. එය ජාතික ආරක්ෂාවට වැදගත්වේ. එවිට (incoming and outgoing mail server ) සියලු email පිලිබදව වගකීමක් ඇත. Gmail හෝ yahoo email කිසිවකු ආයතනය තුල යොදා ගැන්මට අවසර නොදිය යුතුවේ
ජනතාවගේ ඡන්ද අයිතියත් නිර්දය ලෙස කප්පාදු කර දැනට මාස 3ක් වෙනවා. ජනතාවගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන කවර කතාද?
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිදහස කාටත් තිබෙන්න ඕනේ. ඒත් අදහස් ප්‍රකාශ කිරීමේ වරමින් අපහාස කළොත් හොක්ක තැලීමේ අයිතියත් තිබෙන්න ඕනේ... කර්මය කියලා දෙයක් නැතැයි කියන අදහස ප්‍රකාශ කරන්න පුළුවන්... හැබැයි බුදුන් වහන්සේට අපහාස කළ එකාගේ හක්ක තැලීමේ අයිතිය අපිට තිබෙන්න ඕනේ.