(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන රොසාටොම් සමාගම සමග එකඟතාවයකට පැමිණි බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය ප්‍රකාශ කර ඇත.
මෙම න්‍යෂ්ටික විදුලි බලාගාරය මඟින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවයක් එක් කරනු ඇතැයි අබේවික්‍රම මහත්මිය පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදි කිරීම තුළින් මෙරට බල ශක්ති අර්බුදයට කල්පවතින විසඳුමක් ලැබෙන බව අබේවික්‍රම මහත්මිය පවසා තිබේ.
මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව අනාගතයේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බවත් මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය ද සොයා බලන බවත් අබේවික්‍රම මහත්මිය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්...
රට මැද බලාගාරය තනන්න. නොරෙච්චෝලේ හැමදාම කැඩෙන හැටියට මේකෙත් විකිරණ කාන්දුවක් වෙච්චි ගමන් රටම ඉවරයි. එතකොට රටේ හැමෝගේම අපල ගෙවෙනවා. නැත්නම් කවදා වෙනකම් රීරි මාන්සේ පාර්ලිමේන්තුවේ ඉන්න උදවියට දන්දෙන්නද?
මෙගාවොට් 300ක්...
ඇමරිකානු ගැති රනිල් නම් ඕක කරන්නම දෙයි..., බලන් ඉන්න.
සෑම බලාගාරයකටම බලශක්ති ප්‍රභවයක් අවශ්‍ය බව අමතක කරන්න එපා. න්‍යෂ්ටික බලාගාරයකදී එය යුරේනියම් කූරු ලෙස යොදා ගනියි. ඒවා පාවිච්චි කළ පසු ඒවා වසර 10,000 ක් ආරක්ෂිතව ගබඩා කළ යුතුය. ලංකාවට එය දරාගත හැකිද? ලොස් ඇන්ජලීස් නගරයට දකුණින් විශාල පෞද්ගලික බලාගාරයකට අයත් මෙවැනි බලාගාරයක් තිබෙනවා. ඔවුන්ට ඒක වසා දැමීමට අවශ්‍ය වූ අතර ගැටලුව වී ඇත්තේ වියදම් කළ කූරු ආරක්ෂිතව ගබඩා කිරීමයි. එය ස්පර්ශ කරන සෑම දෙයක්ම විකිරණශීලී වේ. මම අවුරුදු 30 කට වැඩි කාලයක් කැලිෆෝනියාවේ ජීවත් වුණා. එම කාලය තුළ නව න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකර නැත. යාලුවනේ යුක්රේනයට මොකද වෙන්නේ කියලා බැලුවොත් ඔයාලට ආයෙත් හිතෙයි. න්‍යෂ්ටික හොඳ නම් බටහිර ආ ර් ති ක ඊට යොමුවෙනවා. ලංකාව මැස්සන් ගින්නට පනින්න ලෑස්ති වෙනවා වගේ.
ලංකාව ලෝක සිතියමෙන් මැකෙන දවස ලංවෙන බව කිවහැක.
ලෝකයේ වෙනත් රටවල් මෙම පරමාණු බලාගාර එකින්එක නවතා දමන අතර අපි ඒවා ගෙන්න ගන්නවා. මේවායේ විපාක නොදන්නා අය මෙවැනි දේවලට එකඟ වෙනවා.
සුබ පණිවිඩයක්...!