(ප්‍රසංග පෙරේරා)

ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ජුනි මස 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැමු බව ලංකා සතොස අලවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් මහතා සදහන් කළේය.

ඒ අනුව වටානා කිලෝ ග්‍රෑම් 1 -රු275/= පාං පිටි කිලෝ ග්‍රෑම් 1 -රු195/= රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 1-රු295/= ලෙස ලංකාව පුරා විහිදී ඇති ලංකා සතොස ආයතනය හරහා පාරිභෝගික ජනතාවට ලබා ගැනීම හැකිය.