(ඉන්දිකා රාමනායක)
කොළඹ පිත්තල හන්දියේ දී බීමත් රියැදුරකු සිදුකළ අනතුරකින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ බිරිඳ තුවාල ලබා ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙත නිකුත් කර ඇති පොලිස් මෝටර් රථය පිත්තල හංදියේ දී විදුලි සංඥාවට නවතා තිබියදි බීමත් රියැදුරකු පැදවූ මෝටර් රථයක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත
මෙම අනතුරි සිදුකළ මෝටර් රථයේ රියදුරු බීමතින් අපරික්ෂාකාරිව මෝටර් රථයක් පැදවා පුද්ගලයකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරින් තුවාල ලැබූ අයට ඉක්මන් සුවය පතමි. නමුත් රජයේ නිල වාහනය භාවිතා කළ හැක්කේ අදාල නිලධාරියාට නිල කටයුතු වෙනුවෙන් මිසක බිරිඳට නොවේ. මෙය බොහෝමයක් ආරක්ෂක අංශවල සේවය කරන අයගේ බිරින්දෑවරු කරන වැරැදි වැඩක්. මහජනතාව බදු ගෙවීමට මැලිකමක් දක්වන්න මෙයත් හේතුවක්... බලධාරීන් මේ ගැන මුනිවත රකිනවා...
නිල රථය රාජකාරි නොවන කටයුතුවලට යොදා ගැනීම මොනතරම් සදාචාරාත්මකද කියලා වැදි බණ දෙසන අය කල්පනා කළයුතුයි. අනිත් රථයේ රියදුරාගේ ඉරණම ගැන කණගාටුයි.
පොලිසියට නීතිය රැකීමට නොහැකි වී ඇත. වැරදි කරණ අයට වැරදි කිරීමට අවස්ථාව ඇත...
අපේ ගමේ ජේමිස් අයියගේ බර බාගෙට අනතුරක්.. උන්දැගේ පවුලටත් තුවාල වෙලා අල්ලපු ගමේ රෝහලට එදාම ඇතුල් කළා... ඒක නම් එකම පත්තරයක්වත් දාලා තිබ්බේ නැහැ. මම පොලිසියේ නොවන නිසාද මන්දා...!
නිල රථය නීති විරෝධී ගමනක් ගිය බවක් කොහෙවත් සඳහන් වෙලා නැහැනේ ?