(අංජුල මහික වීරරත්න)
ඉදිරි වසර පහ ඇතුලත ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමා නොවී චීන, ජපන්, හින්දි, අරාබි වැනි භාෂා ඉගෙන ගැනීමට අවස්ථාව සලසන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති 2018- 2022 අධ්‍යයන වසර - ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය අමතමිනි.
විද්‍යාපීඨ සංකල්පයේ නිර්මාතෘ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේදී ජාතික පාසැල් සඳහා ගුරු පත්වීම් 1729ක් සහ බස්නාහිර පළාත සඳහා පත්වීම් 626 ක් ප්‍රදානය කරනු ලැබීය.
ඊට සමගාමීව අනෙක් පළාත් 08 සඳහා ද පත්වීම් ප්‍රදානය කිරීම සිදු කළ අතර, ඒ අනුව අද දින පත්වීම් ලැබූ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සංඛ්‍යාව 7,342කි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2050 වසරට ඔබින අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමට රජය කැපවී සිටින බවයි. මෙරට ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රධාන සාධකය මානව සම්පත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම මානව සම්පත සූදානම් කිරීමේ වගකීම් ගුරුවරයාට පැවරෙන බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංග්‍රීසි, ජපන්, හින්දි වැනි භාෂා ඉගෙන ගැනීමට අවස්ථාව සැලසීම ඉතා අගනා ක්‍රියාවක්. ඒ තුළින් මේ රටේ උගතුන්ට විදෙස් රැකියා කිරීමට හා අධ්‍යාපනය ලබා ගැනීමට බොහෝ මාර්ග පෑදෙනවා.
මේකත් දෙමලුන්ගේ ඉල්ලීමක්. දෙමල්ලු කවදාවත් ශ්‍රීලංකා කියන්නේ නැහැ. ඔවුන් කියන්නේ සිලෝන් කියලා. මා සමග 2005 කාලේ වාදකළ දෙමල්ලු කිව්වේ සිලෝන් කියලා...
1956ට කලින් ලංකාවේ බොහෝ දෙපාර්තමේන්තු ප්‍රධානීන් section heads ලා දෙමළ, බර්ගර්, මැලේ ජාතිකයින්. හේතුව රාජ්‍ය සේවයට, විශ්ව විද්‍යාල ඇතුල් වීමට ඉංග්‍රීසි අනිවාර්ය නිසා. සිංහල කොල්ලෝ කෙල්ලන්ට රජයේ සේවයට හෝ විශ්ව විද්‍යාල යාම බොහෝම අසීරු කාර්යක් වුණා. ලංසි කොල්ලෝ සිංහල කොල්ලන් ඇමතුවේ ගොඩයින් කියලා. 1956 සිංහල භාෂාවට මුල් තැන ලැබුණු සැටියේම සිංහල ළමයින්ට රජයේ රැකියා ලැබුණු විශ්වවිද්‍යාලවල දොර හැරුණා විතරක් නොවෙයි, අළුත් විශ්ව විද්‍යාල දෙකක් රටට ලැබුණා. ඒ විශ්වවිද්‍යාලයකින් එළියට ආපු ජෙප්පන් අහනවා අවු 74ක් නායකයින් රටට මොනවද කළේ කියලා. ඔය ටික රටට නොකළා නම් ජේවීපී නායකයා අදත් අනුරාධපුර ගොයම් පැල හිටවනවා. ඉතුරු ටිකත් ලියන්නම්...!
ලස්සන වැඩේ කියන්නේ සිංහල භාෂාවට මුල් තැන ලැබුණු නිසා 1956න් පසුව රජයේ සේවයට විශ්ව විද්‍යාල වලට ඇතුල් වෙච්චි අයගේ මුණුබුරාලා දැන් කියනවා සිංහලවලට මුල් තැන දීපු නිසා මොවුන්ට ඉංග්‍රීසි ඉගෙනගන්න බැරි වුණාලු. රට ඉංග්‍රීසි වලින්ම ගියා නම් අදත් ඔබලා ගොයම් පැල හිටවනවා.
ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒම බොහොම හොඳයි, හැබැයි සිංහල භාෂාවට මුල් තැන නැති කරන්න එපා. රටේ 75% ජනතාවගේ භෂාව සිංහල... දෙමළ කථාකරන දෙමල්ලු හා හම්බයෝ ඉන්නේ 20% පමණයි. දෙමළුන්ගේ අවශ්‍යතාවයට ඉංග්‍රීසියට මුල්තැන දෙන්න එපා.
ජාතික භාෂාව යනු මව්බසයි. ලංකාවේ ජාතික භාෂාවන්නේ සිංහල සහ දමිළ භාෂා පමණි. ඉංග්‍රීසි සලකන්නේ ජාත්‍යන්තර භාෂාව ලෙසයි. ජනාධිපතිතුමා හදන්නේ සිංහල සහ දමිළ මේ රටින් ඉවත් කර ඉංග්‍රීසි ජාතික භාෂාවක් කරන්නයි. ඒ මොකද එතුමා වැඩියෙන් දන්නේ ඉංග්‍රීසි නිසා...
අනේ යන්න. කරපු දේවල් හොඳටම ඇති...
මේ රටේ තියෙන්නේ ඔය ප්‍රශ්නෙද? එක දවසක පුරාවිද්‍යා ලොක්ක එක්ක හැප්පෙනවා, කරුණාකර මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳම් දෙනවා. හොරු රැල ගාඩ් කරන්නේ නැතිව...!
ඔබතුමා වයස 21දී උපාධිය ලබාගෙන විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා තියෙනවා. මම දන්න දරුවෙක් ඉක්මණින් උපාධිය ගන්න හිතලා විවෘත විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ... 2017 දී එහි පවතින දුර්වල පාලනය හෝ අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලවල හේතුවක් නිසා හෝ එම දරුවාට තවමත් උපාධිය ගන්න බැරිවෙලා කියලා තමයි අහන්න ලැබුණේ... ඒ සමග වෛද්‍ය විද්‍යාලයට ගිය දරුවෝ එයින් පිටවෙලා තියෙනවා... මේවා ගැනත් බලන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි මම උපාධිධාරියෙක් නොවන නිසා ඒවායේ කටයුතු ගැන දන්නේ නැහැ. කොහොම වුණත් එම දරුවන්ට බලවත් අසාධාරණයක් වෙලාකියලා හිතෙනවා.
අදහස නම් ඉතාමත් ප්‍රශංසනීයයි. මෙයට දෙමසකට පෙර අධ්‍යාපන ඇමැතිතුමත් මෙවැනිම ප්‍රකාශයක් කළා. නමුත් මේ අදහස් සියල්ලම වචනවලට පමණයි සීමා වෙන්නේ... තවත් වසර 05ක් ගියත්, 2048 වුණත් අපේ ඉංග්‍රීසි දැනුම අද තියෙන තත්වයේම පවතියි..
ඉංග්‍රීසි ජාතික භාෂාව කරන්න කළින්... පාර්ලිමේන්තුවේ කුණුහරප කියන සෙට් එකට... හොඳ සිංහල ඉගැන්නුවොත් නරකද?