(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වැලි කැණීම් ස්ථානයක් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඒ ගැන තොරතුරු ලබා නුදුන් බව කියන මදුරන්කුලිය පොලිසියේ බුද්ධි අංශ නිළධාරියකුගේ වැඩ තහනම් කර ඇත.
මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ පුත්තලම සහකාර පොලිස් අධිකාරී 1 විසිනි.
මාළු ඇති කිරීමේ ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් මුක්කු තොඩුවාව ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ස්ථානයක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා එහි සේවය කළ පුද්ගලෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
වැලි කැනීම් සණීම් සිදු කිරීම සඳහා යොදාගත් ජේ.සී.බී වර්ගයේ යන්ත්‍රයක් සහ වැලි ප්‍රවාහනය කිරීමට යොදා ගත් බවට සැලකෙන ටැක්ටර් රථයක්ද මෙම පොලිස් කණ්ඩායම බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd